(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද(15) අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදී නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
හිමිකරු සමග රා ලීටර් 83,000ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම සුරාබදු ඒකකයට බාරදීමට නියමිත බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රා කර්මාන්තයට අත හිත දිය යුතුයි. රා මැද්දම එකෙන් රසායනික සංයෝග ගණනාවක් නිෂ්පාදනය කරන්න පුළුවන්. විනාකිරි, පැණි, හකුරු, සුවද විලවුන් කර්මාන්තයට වගේම අවශ්‍යනම් ඉන්ධනයක් විදියටත් මේක වැඩි දියුණු කරගන්න පුළුවන්. රා මැද්දම පොල් ඵලදාවත් වැඩි වෙනවා. දේශීය කර්මාන්ත රැකගමු. පොල් කිතුල් සහ තල් රා මද්‍යසාර තරම් අහිතකර නෑ.