IMG-LOGO

2023 සැප්තැම්බර් මස 22 වන සිකුරාදා


නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 4000ක් කුඩාවැල්ලේ යාත්‍රාවක

(අනීෂා මානගේ සහ තරංග ගුණරත්න)
 
චාගෝස් දිවයිනට ගොස් කුඩාවැල්ල ධීවර වරායට පැමිණීම හේතුවෙන් නිරෝධායනය වූ ධීවරයන් පැමිණි බව කියන යාත්‍රාවක තිබී බලපත් නොමැතිව නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 4000ක් අත්අඩංගුවට ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියති.
 
බේරුවල ධීවර වරායෙන් ධීවරයන් 7දෙනකු රැගෙන පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක තිබී මෙම මුහුදු කූඩැල්ලන් තොගය හමු වී තිබිණි.
 
මෙම බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර යාත්‍රාවෙන් පිටත්ව ගොස් ඇති අතර යාත්‍රාවේ ඇතිවූ බව කියන දෝෂයක් හේතුවෙන් මුහුදේ පාවෙමින් චාගෝස්  දිවයිනට ගොස් ඇතැයිද, එම දූපතේදී යාත්‍රාව අලුත්වැඩියා කර නැවත එමින් සිටියදී යළිත් වාරයක් අබලන් වීම හේතුවෙන් එය කුඩාවැල්ල ධිවර වරායට ඉකුත් 6 වැනිදා පැමිණ ඇති බවද අනාවරණය වී තිබිණි. එම යාත්‍රාවේ පැමිණි බව කියන ධීවරයන් 7දෙනා ඉකුත් 6 වැනිදා සිට ඔලුවිල් නිරෝධායන කඳවුරට රැගෙන ගොස් නිරෝධායනයට ලක් කෙරිණි. ධීවරයන්ගේ නිරෝධායන කාලය අවසන්වන තුරු ධීවර යාත්‍රාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කුඩාවැල්ල ධීවර වරායේ නවතා තැබීය. 
 
මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යාත්‍රාව පරීක්ෂා කර තිබූ අතර එහි තිබී විශේෂ කිහිපයකට අයත් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4000ක් සොයාගෙන ඇත. මුහුදේ කිමිදීම සඳහා උපයෝගී කරගන්නා ඔක්සිජන් ටැංකි 14ක් ද නිලධාරින්ගේ බාරයට ගැනිණි. බලපත් නොමැතිව මෙම මුහුදු කූඩැල්ලන් දඩයම් කර ඇතැයි නිලධාරිහු කියති.



අදහස් (0)

නීතිවිරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 4000ක් කුඩාවැල්ලේ යාත්‍රාවක

ඔබේ අදහස් එවන්න

දියත

COMPLAST 2023 ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි
2023 සැප්තැම්බර් මස 21 10 0

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැව


‘‘ සියලු දෙනාගේම සහයෙන් තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා‘‘
2023 සැප්තැම්බර් මස 21 259 0

ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව තිරසාර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ම


මෙරට ඉදන් ලැප්ටොප් ඉන්දියාවට පැන්නූ ඉන්දියානුවෙක් දැලේ
2023 සැප්තැම්බර් මස 21 416 0

තීරුබදු නොගෙවා ඩුබායි සිට නීති විරෝධි එලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 100 ට අධික ප්‍රමාණයක් වේල්ලවීදිය නවාතැන් පොළක තබාගෙන මෙරටට පැමිණෙන ඉන්දියානු ව්‍


රනිල් - බයිඩ්න් අතර හමුවක්
2023 සැප්තැම්බර් මස 21 1242 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.


බදුල්ලේ පාරවල්වලට පස් කඳු කඩා වැටේ
2023 සැප්තැම්බර් මස 21 245 0

පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර මඩොල්සිම මාර්ගයේ 1 කණුව සොහොන හංදිය අසලදී අද (21) පස්වරුවේ පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා


පෙම් හුටපටයකට සිසුන් දෙනෙකුට හෙල්මට්වලින් ගහලා
2023 සැප්තැම්බර් මස 21 580 0

ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් පාසල් ළමුන් දෙදෙනෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් සිව්දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පින්


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1398 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 658 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site