IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නීතිය නැමූ බන්ධනාගාර දොස්තර මාට්ටු

 (නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි කාන්තා රැඳවියකුට ජංගම දුරකථන සහ ඊට අදාල උපාංග ලබා දී මුදල් ලබාගත් බව කියන බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි

රහසිගත විශේෂ සෝදිසියකදී මෙම වෛද්‍ය නිලධාරීවරයා අදාල කාන්තාවට දුරකථනය ඇතුළු උපාංග ලබා දෙන අවස්ථාවේදී  එම උපාංග ද සමග අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

අදාල දුරකථන ලබා දීමෙන් පසු මෙම වෛද්‍යවරයා මුදල් ලබාදීමට අදාළ රිසිට් පත්‍රයද ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔහු පැවසීය.

ඒ් අනුව ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයා සිටින බන්ධනාගාර රෝහලේ නිළ කාමරය තුළදී වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සැකකාරීයකට *ජංගම දුරකථන ආරෝපණයක් හා ජංගම දුරකථන බැටරි දෙකක්* ලබා දීමට උත්සහ දැරූ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු බන්ධනාගාර නිළධාරීන් එම උපාංග අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

සිදුවීම සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වෙත දැනුම්දී ඇති අතර, සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යොදවා මුලික විමර්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයිද හෙතෙම පැවසීය .

 



අදහස් (4)

නීතිය නැමූ බන්ධනාගාර දොස්තර මාට්ටු

Raveendra Friday, 29 October 2021 06:15 PM

මේ වගේ තුට්ටු දෙකේ කොන්දොස්තරයෙක්... මේ ලැජ්ජාවක් නැති කොන් දොස්තරයාට නමක් නැද්ද හැබෑටම..? ලැජ්ජයි තම වෘත්තියටත්...

:       0       0

මුදියන්සේ. Friday, 29 October 2021 06:16 PM

තරාතිරමකින් තොරව රටේ සෑම ක්ෂේත්‍රයකම පාහේ දකින්නට අසන්නට ලැබෙන්නේ ඉතා පහත් මට්ටමේ පාදඩ ක්‍රියාවන්ය. මෙවන් ක්‍රියාවන් වෙනුවෙන් දැඩි දඩුවම් ක්‍රියාත්මක විය යුතුය.

:       0       0

Ruhunu Friday, 29 October 2021 06:21 PM

දෙමව්පියෝ හොරු වුණාම... දරුවෝ මොන තනතුරේ හිටියත් හොරු වෙනවාමයි...

:       0       0

kamal Saturday, 30 October 2021 12:30 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පාස් වුණු කෙනෙක් වෙන්න ඇති... හරි ප්‍රමිතියට දොස්තරලා බිහිකරන රජයේ එකෙන් නම් වෙන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site