(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  රැස්වූ අවස්ථාවේදී නීතිපති ධූරය  සඳහා ජනාධිපති නීතීඥ දප්පුල ද  ලිවේරා  මහතාගේ නාමයෝජනාව ඒකමතිකව අනුමත කර තිබේ. කථානායක මාධ්‍ය  අංශය මේ බව තහවුරු කරයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩබලන නීතිපති ලෙසද ජනාධිපති නීතීඥ දප්පුල ද  ලිවේරා  මහතා පසුගියදා පත්කරන ලදි.