(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී දේපළවලට බරපතළ අලාභ සිදු කිරීමේදී වීදුරුවලින් කැපීගිය අතෙහි ලේ පෙන්වා "බලාගනින් මම තමයි රාවණා" ,"උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා" යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගිය පුද්ගලයා හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ තීරෝද රථ රියදුරකු බව ද පවසයි.
සැකකරු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ අවන්හල තුළ රැඳී සිට මෙම අපරාධය සිදු කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය
මෙම පහරදීමෙන් අවන්හලේ වීදුරු දොරවල් වලට සහ තවත් දේපල රැසකට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි
අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් තිබූ සැකකරු හොර රහසේම ප්‍රතිකාර ලබාගෙන තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර අවස්ථාවකද රත්නපුර සමන් දේවාලය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයකු බවත් අධිකරණය මගින් මානසික වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරු නිදහස් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අවන්හලට පහර දීම සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නූතන රාවණා අවන්හලට ගහලා
Kule Sunday, 27 February 2022 03:32 PM
මළ විකාර..!
කිරි පුතා Sunday, 27 February 2022 04:23 PM
පළමු වරදට නිසි දඬුවමක් ලැබුණා නම් ඔහු එයින් යමක් ඉගෙනගෙන මෙවැනි අමන ක්‍රියාවලින් වැළකී සිටීමට ඉඩ තිබිණි. මෙවරද පාඩමක් ඉගෙනීමට තරම් දඬුවමක් දීමට අප රටේ තිබෙන නීතිය ක්‍රියාත්මක වන අයුරු ගැන කිසිඳු විශ්වාසයක් නැත...!
Amara Sunday, 27 February 2022 04:52 PM
රාවනා ජීවමානයි...
Bamunuarachchi Sunday, 27 February 2022 05:07 PM
ත්‍රීවිලර් කාරයෝ හැමතැනම චණ්ඩි අපි බේස් බෝල් බැට් එකක්, කඩුවක් කාරෙකේ ගෙනියන්නේ නැති නිසා. කැහැටු එවුන් ත්‍රීවීලර් එක අතට ගත්තු ගමන් චණ්ඩියෙක් වෙනවා. පොලිස් කාරයෝත් අමතර ආදායමක් සොයන්න ත්‍රීවීලර් එලවන නිසා ත්‍රීවීලර් කාරයින්ට සපෝට්...!