(ඉන්දිකා රාමනායක)
නත්තල් දින රාත්‍රීයේ සහ නත්තල් දින පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සෑම දේවස්ථානයකටම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ අද (19) පැවසූහ.
ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් තොරතුරු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටි බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවත් රජයෙන් පොරොන්දු වූ බව අගරදගුරුතුමෝ සඳහන් කළේය.
යම් කිසි ප්‍රහාරයක් නැවත එල්ල කිරීමට උත්සහයක් දැරීමට ඉඩ ඇති බවට ඇති ප්‍රවණතාව අනුව නත්තල් දිනට අමතර ආරක්ෂාවක් ලබා දෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශ වලින් මෙම ඉල්ලීම කළ බව අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරය හා ප්‍රහාරයෙන් මියගිය තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබන පිරිස මෙනෙහි කරමින් මෙවර නත්තල් උත්සවය ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් හා ආධ්‍යාත්මිකව ගත කරන ලෙස සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටින බවද අගරදගුරුතුමෝ කියා සිටියහ.
මෙම වසරේ නත්තල් උත්සවය වෙනුවෙන් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් අගරදගුරුතුමෝ කියා සිටියහ.
නත්තල් උත්සව දින මත්පැන් හල් විවෘත කර තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණය ප්‍රශ්නයක් බවත් වෙනත් වසර මෙන් නත්තල් දින මත්පැන් හල් වසා දැමීම ගත් තීරණය මේ වසරේද ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටින බවද කාදිනල්තුමෝ කියා සිටියහ.
පාස්කු ප්‍රහාර පසුබිම තුළ මත්පැන් පානය කළහොත් එම සිද්ධිය අමතක වේවී යැයි යන මතය අනුව මෙම තීරණ ගත්තේ ද යන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසන බවද අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘‘නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබා දෙන්න‘‘
Bamunuarachchi Thursday, 19 December 2019 04:01 PM
කාදිනල් තුමනී හුඹස් බියක් ඇතිකර ගන්න එපා. ඝෝඨාභය ගේ පරිපාලන කාලයේ ඔය එක ත්‍රස්තයෙක් වත් ඔලුව උස්සන්නේ නැත. ඔලුව ඉස්සුවොත් ගලේ ඔලුව ගහගත්තාට වඩා දරුණු ප්‍රතිපල විඳීවි.
උපාලි. Friday, 20 December 2019 01:47 AM
අපෝ බය වෙන්න එපා... එහෙම වෙන්නේ නෑ මම හීනෙන් දැක්කා. බදුර්දීන් ඇතුලේ, හිස්බුල්ලා ඇතුලේ, අසාත් සාලි ඇතුලේ, රතන හිමි වීරවංස එක්ක ඒ අයට විරුද්ධව ඇසින් දුටු සාක්කි දෙනවා.. චම්පික රණවක එළියේ ඉන්නවා.
Silva Friday, 20 December 2019 02:52 AM
ඇයි දැන් බයවෙන්නේ? දැන් ආරක්ෂාව ස්ථාවරයි කියලා අර ආරක්ෂක ලේකම් තුමා කිව්වා නේද..? ඔබතුමා කියන්නේ රටේ ආරක්ෂාව නැහැ කියලද නැත්නම් ඡන්දෙට ඉස්සෙල්ලා ලොකුවට විශ්වාස කරලා සහයෝගය දුන්නට දැන් තත්වය ඔබතුමන්ලා ඇතුළු 69 බලාපොරොත්තු වෙච්ච, හිතපු විදිය නොවෙයි කියන එකද?