(නිමන්ති රණසිංහ)
ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවත් ඔවුහු සඳහන් කළහ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමය මෙම විරෝධතාවට එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)





COMMENTS
නීතිපතිගේ හැසිරීම වැරදියි. ඔහු ගැන පියවරක් ගන්න ඕනෑ. අනික ඔහු නිලධාරීන්ගෙන් පළිගනිමින් සිටින බව පේනවා. දේශපාලුවන් විතරක් සුරකිනවා.
"දප්පුල තප්පුලයි" හොඳ නිර්මාණශීලී බැනරයක්...
දප්පුල කියවන්න ගත්තේ බැඳුම්කර විමර්ශනය කාලේ ඉඳලනේ.. එයා දේශපාලන බළල් අතක් කියලා නොදන්නවා නම් ඒ කිරි සප්පයෙක් පමණයි.
ඒ අය අද කරන්නේ දේශපාලනයක්..
ඒ කියන්නේ මේ සියලු දෙනාම රන්ජා එක්ක නීතිය නමපු එකට එකඟයි. මොවුන් සියලුදෙනා නීති විරෝධීන්..
මේකේ තේරුම මොකක්ද? එයාලා කැමති කෙනෙක් එක්ක කතා කරගෙන කැමති නඩු තීන්දු දුන්නම අපි බාරගන්න ඕනෑ කියන එකද? විනිසුරු අත්අඩංගුවට ගන්න එක නීතිමය වරදක්ද? දන්න කෙනෙක් කියලා දෙන්නකෝ...
උපුලුත් ඉන්නේ...
මේ නීතිපතිතුමාම පසුගිය ජනාධිපතිවරයාගේ කාලයේත් මේ වගේ අත්අඩංගුවට ගැනීමේ තීරණ දුන්නා. ඒ වෙලාවේ ඔහුගේ තීරණ ගැනීම ගැන කතාකරන්න තිබුණා. එහෙම වුණා නම් සමහරවිට මේ වනවිට ඔහු තනතුරෙන් ඉවත්කරන්න ඉඩ තිබුණා.
කලබල වෙන්න එපා. වරෙන්තුවක් අරන් අත්අඩංගුවට ගන්නයි කියලා තියෙන්නේ... වරෙන්තු නියෝග දෙන්නේ අධිකරණයෙන් නිසා නීතිපති වැරදිනම් නොදී ඉන්න පුළුවන්...
සීමාව ඉක්මවා වැඩ කරන බව පැහැදිලියි.
මෙතන කොමෙන්ට් දාන වැඩි හරියක් බැඳුම්කර වංචාවෙන් වාසිගත්ත පුද්ගලයින් වගේ මට පෙනෙන්නේ...
රන්ජාගේ ජරාව නාපු කාපු අයව තියන්න හොඳ නැහැ. ඉවත් කළ යුතුයි. රුයිතෙට යැව්ව අය රැකගන්නත් උද්ඝෝෂණ කරන අය ඉන්න පුදුම හරක් ඉන්න රටක්නේ මේක....
නීතිපති පැහැදිලිවම වැරැදියි. ඒකාධිපති හැසිරීමක් තියෙන්නේ... දේශපාලන බලධාරීන් පිනවීමට සහ ඔහුගේ පුද්ගලික අනාගත බලාපොරොත්තු වෙනුවෙනුයි අද වැඩ කරන්නේ. මේ රටේ නීතියක් නැහැ. උසාවියෙන් දඬුවම් දීපු මිනිස්සුන්ට දූෂණ චෝදනා ඇති අයට රජයේ තනතුරු දීලා. අද ජනාධිපති ලේකම් කියන්නේ නැවත රජයේ තනතුරක් නොදරන බවට දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයට දීපු කෙනෙක්...
ඒ කාලයේ හිටපු නීතිපතිලා මොනතරම් වැදගත්ද..?
මොවුන්දැලාගේත් හඬපට තියෙනවා ඇති. ඒකයි ඔය දඟලන්නේ...
එදා එය පුත්තලමෙහි ප්‍රසිද්ධ සතෙකුගේ නමින් නම් කරන ලදී... නමුත් අද?
මම බැලුවේ මේ දවස්වල ගිරිය පුප්පාගෙන කඩේයන ලෝයර් මහත්තයා කෝ කියලා, එයා අහලකවත් නැහැනේ...
මෙතන ජනතාව නොදන්න ලොකු අසාධාරණයක් තියෙනවා. එතුමාට ආපු තර්ජන, බලපෑම් වලට සාක්ෂි තියෙනවා. මුල් බලපෑම කරපු ගමන් අධිකරණ සේවා කොමිසමට JSC හා IGP ට පැමිණිලි කරලා පොලිසිය මගින් කටඋත්තර පවා ගන්නවා. එයිට වඩා දෙයක් කරන්න බැහැ. විමර්ශන වලදී කියනවා කෝල්ස් වලට පොසිටිව් උත්තර දෙන්න කියලා... සාක්ෂි වගෙම තර්ජන අවදානම අඩුවෙන නිසා. ඒක නිසා හඬපටෙන් එහා බලන්න. ඇත්ත මොකක්ද කියලා. ඒක අහපුගමන් තීරණය කරන්න එපා. මෙතැනදී රන්ජන්ගේ හඬපටෙන් එහා ගිය කතාවක් තියෙනවා වෙන අය කතාකරලා කෙලින්ම මරණ තර්ජනය කරලා තියෙනවා. අපි දන්නා විදියට. රන්ජන් එක්ක ඩීල් නෙමෙයි, රන්ජන් පාර්ලිමේන්තුවේදී මෙම විනිසුරුතුමා ඉලක්ක කරලා වත්කම් ගැන සොයන්න කියනවා හැන්සාර්ඩ් වල ඇති ඒවා බලන්න. ඩීල් නම් එහෙම වෙන්නේ බෑ. එතුමාට වත්කම් තියෙනවා පරම්පරාවෙන් ආපු කාගෙන්වත් රුපියලක් ඕනෑ නැහැ. නමුත් මෙහෙම කළාම මෙතුමාගේ නැතිවෙන ගෞරවය ආයෙත් නිවැරදි කාරයෙක් වුණු දවසට එන්නේ නෑ. ඒක රජය වෙනුවෙන් නිල නීතිමතය. නීතිපති කියන්නේ ඉතා බලවත් තනතුරක්.. හිතන්න හරිද කියලා...?
දැන් දඩයම පටන් අරන් ඉවරයි. පරිස්සම් වෙන්න.
'දප්පුල තප්පුලයි' නම් නියම කියමන.... රන්ජන් විතරක් නෙමෙයි ලොකු ලොකු දේශපාලකයින් ඔක්කොම නීතියට බලපෑම් කරනවා. දූෂිත ආයතනවලින් අධිකරණය අංක 1... මේ එකෙක්වත් රට හදන්න එන අය නෙමෙයි. අපිත් කාලා, රටත් කාලා, තමන්ගේ බඩ ගැන බලන පිරිසක් අපිට ඉන්නේ. තවත් එකඑකාට වඳින්නේ නැතුව අපි ඔක්කොම එකතුවෙලා බලපෑම් කරන එකතමයි කරන්න තියෙන්නේ...
නීතිපතිගේ නියෝගයෙන් මීට කිහිපදෙනෙක් අත්අඩංගුවට අරන් තියන්නේ. නමුත් ඒ අවස්ථාවලදී මේ නීතිඥවරු නිහඬ ඉඳන්, ඔවුන් වෙනුවෙන් තමාගේ සේවාදායකයා කියමින් හොඳට හම්බ කළා. දැන් එයාලාගේ පන්තියේ කෙනෙක් අත්අඩංගුවට ගනිද්දී පාරට බහිනවා. මේක සාධාරණද? මේ නීතිඥ සංගමුත්, රජයේ වෛද්‍ය සංගමුත් එකයි. ඔවුන්ගේ වාසියට තමයි.
නීතිය ගැන කිසිම දැනීමක් නැති මිනිස්සු පිස්සු දොඩවනවා.
මම බොහොම සරල ප්‍රශ්නය අහන්නම්.., රටේ අපරාධ අඩු වුණාම, නඩු අඩුවෙනවා... නඩු අඩු වුණාම? කාටද පාඩු? මෙන්න මේ පින්තුරේ බලලා තීරණය කරන්න.
දැන් අපිවත් අත්අඩංගුවට ගත්ත උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කරොත්, අපේ හිතවත්තුත් මෙහෙම උත්ඝෝෂණය කළොත් වරෙන්තුව නවතියි නේද? කොටින්ම මේකෙන් පේනවනේ නඩුකරතුමා සේවය කරලා තියෙන්නේ කාටද කියලා..?