(එෆ්.අස්ලම්)
ප්‍රසිද්ධ නීතීඥවරයකුගේ අකටයුත්තක් ගැන ජනපති අගමැති ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් 20කට පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් කිසිදු පාර්ශවයක් සිදුනොකිරීම පිළිබඳව ඇමෙරිකාවේ රැකියාවක් කරමින් ශ්‍රී ලංකා රජයට බදුගෙවන පුද්ගලයකු ලෙස තමන් කණගාටු වන බව මාලන් මෙන්ඩිස් මහතා පවසයි.
තමන්ට සිදුවූ අකටයුත්ත සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට පැමිණිලි කිරීමෙන් පසු ඒ මහතා තමන් මෙරටට කැදවා තමාගේ ගැටලුව ගැන සොයා බැලූ බවද හෙතෙම කියා සිටියේය.ඒ මහතා මේ බව සදහන් කර සිටියේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදි ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදීය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලන් මෙන්ඩිස් මහතා මෙසේද කීය.
"තමන්ට පමණක් ප්‍රාණ භුක්තිය තබාගෙන 2011 අගෝස්තු මස 17 වැනිදා තම පුතුට පවරන ලද ඉඩමක ඔප්පුවකට මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥවරයකු මෙන්ම නොතාරිස්වරයකු විසින් වෙනත් කාන්තාවකගේ නමක් ඇතුළත් කිරීමෙන් අකටයුත්තක් සිදුකරලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් මම එම නීතිඥවරයාගෙන් විමසන අවස්ථාවේ ඔහු අතින් එවැනි වරදක් සිදුවූ බවත් ඊට සමාව අයදින ලෙසත් ඉල්ලා ඊමේල් පණිවුඩයක් එව්වා. එම තොරතුරු පදනම් කරගෙන මා විසින් පොලිසියට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් 2016 වසරේදී සිදුකළා.
මේ ගැන ශ්‍රීලංකා නීතිඥ සංගමයටත් පැමිණිලි කළා. අදාළ නීතිඥවරයාව විමර්ශනයක් සඳහා 17 වතාවක් නීතීඥ සංගමය වෙත කැඳවා තිබුණත් එකදු විමර්ශනයකට හෝ එම නීතිඥවරයා පෙනී සිට නැහැ. පොලිසියද මේ පිළිබද විමර්ශනයක් සිදුකරල නැහැ.
අවසාන වශයෙන් 2019 ජූලි 16 වැනිදා ජනාධිපති, අගමැති, අධිකරණ ඇමති, අගවිනිසුරු,නීතිපති,පොලිස්පති ඇතුළු 20 දෙනෙකුට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දුන්නා. ඒත් ඒ කිසිම පාර්ශවයක් මේ පිළිබඳ මෙතෙක් විමසීමක් හෝ සිදුකළේ නැහැ. මේ ගැන විමසීමක් සිදුකලේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පමණයි.
මේ සම්බන්ධව තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටියත් ඒ සංගමය විසින් මා ඉල්ලන ලද තොරතුරු වලට පිළිතුරු දිය නොහැකි බව සදහන් කර එවා තිබුණා.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර අදාළ නීතිඥවරයා පිළිබඳ පියවරක් ගන්නා ලෙසත් තමන්ට සිදුවූ අසාධාරණය නිවැරදි කරදෙන ලෙසත් ඉල්ලා සිටිනවා" යැයි ද මාලන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අපේ නීතිඥ සංගමය ගැන දන්නේ නැතුවයි ඔහොම කියන්නේ. නාගානන්ද, සුගන්ධිකා වගේ අය ඔය සංගමේ වැඩ ගැන හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපරාදේ කාලයයි. මුදලුයි.
බොහෝ නීතීඥවරු ඔප්පු ලියන්නේ ඔවුන්ගේ නමින්.. ඔහුට එරෙහිව අධිකරණයට යා යුතුයි.
පෙරකදෝරුවන් කියන ජාතිය සල්ලි දෙනවා නම්... ඕනේ හොර වැඩක් කරයි.
සියලුම නීතීඥවරු මුදලට කඩේයනවා. ලොකු කෙනාව ආරක්ෂා කරනවා. ලොකු ආරක්ෂා කරනවා.. එ්කනේ රටේ දූෂිත හොරු පිරිලා ඉන්නේ... අපේ නඩු අපිම විසඳා ගමු. මේ පල් හොරුන්ගෙන් වැඩක් නැහැ.. ඡන්දෙ දෙන්න එපා. දොරවල් වහගෙන නිදාගන්න...
සමහර නීතිඥයෝ පට්ට හොරු... පරිස්සමින්...!!!
රටේ පරිහානියට නීතිඥවරුන් වග කියනු නොලැබේ...
මෙයින් පැහැදිලි වන කරුණ නම් රටේ නීතිය වැඩකරන්නේ පුද්ගලයාට අනුව බවයි. R.T.I. පනත බලවත් එකක් වුණත් අරාජික වූ රටේ මොන නීතිද ක්‍රියාත්මක වන්නේ?
මාලන් ඕක තමයි ලංකාවේ සැබෑ තත්වය මගේ රත්නපුර ටවුමේම පර්චස් විසිඑකක් හොර ඔප්පු හදාගෙන අයිතිකර ගත්තා. නඩුවට ගියාම මරණ තර්ජන ආවා. පොලිසි ගියාම රත්නපුර පොලීසියේ ඉඩම උදුරාගත්තු කෙනාගේ අක්කා පොලිස් නිලධාරිනියක්.. එක සහෝදරයෙක් සම්පත් බැංකුවේ. මම ගාල්ලේ තර්ජනය නිසා නඩුවත් අහක් කරගත්තා රත්නපුර කොළඹ පාරේ ලොකු බෝඩ් එක තියෙන්නේ මගේ ඉඩමේ... ලංකාවත් එක්ක ගනුදෙනු නොකර ඉන්න එක තමයි වඩා ආරක්ෂිත..
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව කියවල නැති ජනපති ,අගමැති කතානායක සහ උසස් නිලදාරීන් ඉන්න රටක් මේක මමත් අවුරුදු 11 තිස්සෙ ඔවුනට ලියනව. ඔවුන් හෝරාගෙ අම්මාගෙන් පේන අහනව. අතාරින්න එපා මනෝජ් .අපිට සාධාරණය ඉටු නූනත් අපි රටගැන හිතල සටන් කරමු.
නීතිඥවරු විතරද, වෛද්‍යවරුන්ට විරුද්ධව කරන පැමිණිලි ගැන පරීක්ෂණ වලටත් ඔය ටිකම තමයි. ඔහොම තමය් ලංකාවේ ක්‍රමවේදය...