IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නීතීඥවරුන්ට එරෙහි පැමිණිලිවලට පරීක්ෂණ නැත්තේ ඇයිද අසයි

(එෆ්.අස්ලම්)

ප්‍රසිද්ධ නීතීඥවරයකුගේ අකටයුත්තක් ගැන ජනපති අගමැති ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් 20කට පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් කිසිදු පාර්ශවයක් සිදුනොකිරීම පිළිබඳව ඇමෙරිකාවේ රැකියාවක් කරමින් ශ්‍රී ලංකා රජයට බදුගෙවන පුද්ගලයකු ලෙස තමන් කණගාටු වන බව මාලන් මෙන්ඩිස් මහතා පවසයි.

තමන්ට සිදුවූ අකටයුත්ත සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට පැමිණිලි කිරීමෙන් පසු ඒ මහතා තමන් මෙරටට කැදවා තමාගේ ගැටලුව ගැන සොයා බැලූ බවද හෙතෙම කියා සිටියේය‍.ඒ මහතා මේ බව සදහන් කර සිටියේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදි ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදීය‍

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලන් මෙන්ඩිස් මහතා මෙසේද කීය.

"තමන්ට පමණක් ප්‍රාණ භුක්තිය තබාගෙන 2011 අගෝස්තු මස 17 වැනිදා තම පුතුට පවරන ලද ඉඩමක ඔප්පුවකට මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥවරයකු මෙන්ම නොතාරිස්වරයකු විසින් වෙනත් කාන්තාවකගේ නමක් ඇතුළත් කිරීමෙන් අකටයුත්තක් සිදුකරලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් මම එම  නීතිඥවරයාගෙන් විමසන අවස්ථාවේ ඔහු අතින් එවැනි වරදක් සිදුවූ බවත් ඊට සමාව අයදින ලෙසත් ඉල්ලා ඊමේල් පණිවුඩයක් එව්වා. එම තොරතුරු පදනම් කරගෙන මා විසින් පොලිසියට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් 2016 වසරේදී සිදුකළා.

මේ ගැන  ශ්‍රීලංකා නීතිඥ සංගමයටත් පැමිණිලි කළා. අදාළ නීතිඥවරයාව විමර්ශනයක් සඳහා 17 වතාවක් නීතීඥ සංගමය වෙත කැඳවා තිබුණත් එකදු විමර්ශනයකට හෝ එම නීතිඥවරයා පෙනී සිට නැහැ. පොලිසියද මේ පිළිබද විමර්ශනයක් සිදුකරල නැහැ.

අවසාන වශයෙන් 2019 ජූලි 16 වැනිදා ජනාධිපති, අගමැති, අධිකරණ ඇමති, අගවිනිසුරු,නීතිපති,පොලිස්පති ඇතුළු 20 දෙනෙකුට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දුන්නා. ඒත් ඒ කිසිම පාර්ශවයක් මේ පිළිබඳ මෙතෙක් විමසීමක් හෝ සිදුකළේ නැහැ. මේ ගැන විමසීමක් සිදුකලේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පමණයි.

මේ  සම්බන්ධව තමන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටියත් ඒ සංගමය විසින් මා ඉල්ලන ලද තොරතුරු වලට පිළිතුරු දිය නොහැකි බව සදහන් කර එවා තිබුණා.

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර අදාළ නීතිඥවරයා පිළිබඳ පියවරක් ගන්නා ලෙසත් තමන්ට සිදුවූ අසාධාරණය නිවැරදි කරදෙන ලෙසත් ඉල්ලා සිටිනවා" යැයි ද මාලන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.



අදහස් (11)

නීතීඥවරුන්ට එරෙහි පැමිණිලිවලට පරීක්ෂණ නැත්තේ ඇයිද අසයි

Mahee Friday, 13 September 2019 07:45 AM

ඔබතුමා අපේ නීතිඥ සංගමය ගැන දන්නේ නැතුවයි ඔහොම කියන්නේ. නාගානන්ද, සුගන්ධිකා වගේ අය ඔය සංගමේ වැඩ ගැන හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපරාදේ කාලයයි. මුදලුයි.

:       2       206

MO77 Friday, 13 September 2019 10:38 AM

බොහෝ නීතීඥවරු ඔප්පු ලියන්නේ ඔවුන්ගේ නමින්.. ඔහුට එරෙහිව අධිකරණයට යා යුතුයි.

:       0       66

jaliya Friday, 13 September 2019 10:39 AM

පෙරකදෝරුවන් කියන ජාතිය සල්ලි දෙනවා නම්... ඕනේ හොර වැඩක් කරයි.

:       0       177

Chathuri Friday, 13 September 2019 10:49 AM

සියලුම නීතීඥවරු මුදලට කඩේයනවා. ලොකු කෙනාව ආරක්ෂා කරනවා. ලොකු ආරක්ෂා කරනවා.. එ්කනේ රටේ දූෂිත හොරු පිරිලා ඉන්නේ... අපේ නඩු අපිම විසඳා ගමු. මේ පල් හොරුන්ගෙන් වැඩක් නැහැ.. ඡන්දෙ දෙන්න එපා. දොරවල් වහගෙන නිදාගන්න...

:       1       100

Bamunuarachchi Friday, 13 September 2019 12:18 PM

සමහර නීතිඥයෝ පට්ට හොරු... පරිස්සමින්...!!!

:       0       116

Sriyal Friday, 13 September 2019 12:54 PM

රටේ පරිහානියට නීතිඥවරුන් වග කියනු නොලැබේ...

:       46       11

BamunuarachchiFriday, 13 September 2019 04:21 PM

ඇත්ත..! පාර්ලිමේන්තුවේ ඉන්න නීතිඥයෝ පත් කලේ ජනතාවනේ... ඉතින් රටේ පරිහානියට වග කියන්න ඕනේ ඔවුන්ව පත්කළ රටේ ජනතාව...

:       1       34

Pali Friday, 13 September 2019 04:32 PM

මෙයින් පැහැදිලි වන කරුණ නම් රටේ නීතිය වැඩකරන්නේ පුද්ගලයාට අනුව බවයි. R.T.I. පනත බලවත් එකක් වුණත් අරාජික වූ රටේ මොන නීතිද ක්‍රියාත්මක වන්නේ?

:       0       61

HLAnanda Friday, 13 September 2019 06:22 PM

මාලන් ඕක තමයි ලංකාවේ සැබෑ තත්වය මගේ රත්නපුර ටවුමේම පර්චස් විසිඑකක් හොර ඔප්පු හදාගෙන අයිතිකර ගත්තා. නඩුවට ගියාම මරණ තර්ජන ආවා. පොලිසි ගියාම රත්නපුර පොලීසියේ ඉඩම උදුරාගත්තු කෙනාගේ අක්කා පොලිස් නිලධාරිනියක්.. එක සහෝදරයෙක් සම්පත් බැංකුවේ. මම ගාල්ලේ තර්ජනය නිසා නඩුවත් අහක් කරගත්තා රත්නපුර කොළඹ පාරේ ලොකු බෝඩ් එක තියෙන්නේ මගේ ඉඩමේ... ලංකාවත් එක්ක ගනුදෙනු නොකර ඉන්න එක තමයි වඩා ආරක්ෂිත..

:       2       121

ksc Friday, 13 September 2019 09:41 PM

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව කියවල නැති ජනපති ,අගමැති කතානායක සහ උසස් නිලදාරීන් ඉන්න රටක් මේක මමත් අවුරුදු 11 තිස්සෙ ඔවුනට ලියනව. ඔවුන් හෝරාගෙ අම්මාගෙන් පේන අහනව. අතාරින්න එපා මනෝජ් .අපිට සාධාරණය ඉටු නූනත් අපි රටගැන හිතල සටන් කරමු.

:       0       0

Perera Saturday, 14 September 2019 01:08 AM

නීතිඥවරු විතරද, වෛද්‍යවරුන්ට විරුද්ධව කරන පැමිණිලි ගැන පරීක්ෂණ වලටත් ඔය ටිකම තමයි. ඔහොම තමය් ලංකාවේ ක්‍රමවේදය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 314 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site