IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


‘නැණසල මධ්‍යස්ථාන ගණනාවක් අක්‍රීයයි’

(අංජුල මහික වීරරත්න)
 
දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන 10,000ක් පිහිටුවා ඇතත්  ඒවායින් බොහොමයක් මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවද නැණසල ව්‍යාපෘතිය නව මුහුණුවරකින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
 
2005 වසරේදී ආරම්භ කරන ලද නැණසල ව්‍යාපෘතිය යටතේ පිහිටවූ මධ්‍යස්ථාන ගණනාවක් මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවට අමාත්‍යංශයට වාර්තා වී තිබෙන බවද අජිත්. පී. පෙරේරා මහතා සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව කීවේ නැණසල ජාතික සංසදයේ නියෝජිතයන් සමඟ කොල්ලුපිටියේ එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදීය.
 
නැණසල ජාතික සංසදය මගින් අදාළ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 14කින් යුතු යෝජනාවලියක්ද මෙහිදී අමාත්‍යවරයාට භාරදුන්නේය.
 
නව ව්‍යාපෘතිය සඳහා නැණසල ජාතික සංසදයේ නියෝජිතයන් හත්දෙනෙකුගෙන් යුතු කමිටුවක්ද පත්කෙරුණු අතර අමාත්‍යංශය, අයි. සී.ටී. ඒ. ආයතනය සමඟ කඩිනමින් ඉදිරි වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බවට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (0)

‘නැණසල මධ්‍යස්ථාන ගණනාවක් අක්‍රීයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 249 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 298 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1217 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site