(අජන්ත අගලකඩ)
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කිරීමට හේතු වූ කාරණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අද (27 වැනිදා) පස්වරුවේ පැහැදිළි කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් සහභාගිත්වයෙන් හා අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. තමා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමෙන් කරගත්තේ නොගැලපෙන විවාහයක් වැනි දෙයක් බවත් වසරක් යද්දී තමාට එය හොඳින්ම අවබෝධ වූ බවත් ජනාධිපති සිරිසේන මහතා එහිදී සඳහන් කළේය.
සංස්කෘතික වශයෙන් තිබූ නොගැලපීම් මෙන්ම බැඳුම්කර ගණුදෙනුව, ආර්ථිකය ගොඩනැඟීමට නොහැකිවීම ඇතුළු කාරණා රැසක් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත. තමා හෙට දිනයේ (28) ජාතිය අමතමින් මෙම කරුණු රටට හෙළිකරන බවත් නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම් දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට ආණ්ඩුවේ සිටි සන්ධාන මන්ත්‍රීවරුද අගමැතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුද එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වූහ.

COMMENTS
විවාහය නොගැලපෙන්නේ කොහොමද? මධුසමය හොඳ ලස්සනට වුනානේ... රෙදි නැන්දා එන්න පරක්කු වුණා නේද...? මහින්දව පාවලා දුන්නෙත් ඔය විදියේ කතා කියලා වැඩකරන්න බැරිනිසා... එළියට බැස්සා කිව්වා..
නොගැලපෙන විවාහයක් නොවේ... නොගැලපෙන කෙනෙක්ව රටේ ජනාධිපති කෙරුවා හැට දෙලක්ෂයක් ජනතාව එකතුවෙලා... ඒක හරියට කටුස්සාගේ කරේ රත්තරං මාලයක් බැන්දා වගේ වුනා.
නොගැලපෙන විවහායක් නොවේ නොගැලපෙන මිනිහෙක්ව රටේ ජනාධිපති කෙරුවා හැට දෙලක්ෂයක් ජනතාව එකතු වෙලා , ඒක හරියට කටුස්සාගේ කරේ රත්තරං මාලයක් බැන්දා වගේ වුනා......
මොන පචද. වෙනසක් නැහැ... කැහි ගෑනි දීලා හොටු ගෑනියෙක් නේ අරන් තියෙන්නේ.
නොගැලපෙන විවහායෙන් තමන්ට ලැබුණ දේවල් අතහරින්න හෝ දෑවැද්ද නැවත දෙන්න අකමැති ද?
වෙන මිනිහෙක් එක්ක රාත්‍රී කාලේ හොරෙන් පැනලා යනවා වෙනුවට අඩුම තරමින් තමන්ගේ සහකරු එක්ක කතා බහ කරලා වෙන්වෙන එක නේද මනුස්ස ගතිය ??
ඔබමයි ආආආවේ........... ඔබමයි යන්නේ.......අප එතනම ඉන්නේ ........... නිදුකින් ඉනුමැන ඔබ සතුටින්නම් අපේ සතුටත් එයමයි ..............
නොගැලපෙන මගුල ඉවරකලේ හොර ගැනියෙක් ගෙනල්ලද?
මෙතුමාට මොනවා කියන්න බැරිද? මහින්ද රාජපක්ෂ පරාද වෙලා ගිය වෙලාවේ හෙලිකොප්ටෙර් දීම ගැන කියපු කතා මතකයි නේ.
මේ කරන ඔක්කොම පිළිගන්න තිබ්බ, අපහු පත් කල කෙනා කලින් ඉඳල දුෂිතයි කියල මිනිස්සු එලවපු කෙනෙක් නෙමෙයි නං
අවුරුදු 40 ක් කාපු දීගේ කඩා ගෙන දෙවැනි එක කොර ගත්ත, දැන් තුන් වෙනි එක. බොහොමෝ පරිස්සමට ඕක කන්න ඕනේ. නෑනලා මස්සිනාල ගොඩක් බලාගෙන ඉන්නවා
මුල අමතක කරන පිරිසක්.............
පොදු අපේක්ෂකයා වශයෙන් පැමිණ රජ වුණාම ඔහොම කතා කීම මහා ගුණමකුකමක් නේද ? කෝ කළගුණ සංස්කෘතික වශයෙන් නොගැලපීම් මොනවාදැයි නොදන්නා නමුත්, සුදු රෙද්දයි බැනියමයි නොඇන්දාට,රනිල් මහතා තම අසුන පොදු අපේක්ෂකයාට පිරිනැමුවා. ඒ දෙයම මදිද ? අධ්‍යාපන හා සමාජ මට්ටමෙන් අහසත් පොළොවත් වගේ නේද පරතරය. කෝ ඒවාට ගරුකිරීම්. මහින්ද මහතා ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඒත් සිරිසේන මහතාට මහින්ද මහතාත් සමග එකතුවී රනිල් මහතාව ඡන්දයකින් පරද්දන්න තිබුණා. එසේ කලානම් අපත් ඔබලාට ඡන්දය දෙනවා. මක්නිසාද යත්, රජය මහජනයාට එපාවෙලයි තිබුනේ. ඒත් සිරිසේන මහතා ක්‍රියාකළ ආකාරය හොඳ නැහැ.
ඔය විවාහය කරන්න කලින් තමා එක හිතන්න ඕන. ඔහු කලේ ඔහුගේ අසාර්ථකබව වහගන්න කළු කඩ කාරයන්ට යට වීම.. ඔහුගේ බලය රැක ගන්න.
එදා මහින්දට බැනල යු.එන්. පි. ඡන්ද වලින් මහා පුටුවට එනකොට ඔය ටික මතක් වුණේ නැද්ද මහත්තයෝ. මෙයා දැන් ලෝකෙන්ම අවලාදයට පත් වුණ කෙනෙක්.
ඔබ තුමා හොද තීරණයක් ගත්තේ.... රට බලන් ඉද්දි අරාජික තත්වයට ඇද වැටිලා තියෙන්නේ ... ලංකාවෙන් පිට වෙලා ඉන්න අපිට එළියේ ඉදන් රට දිහා බලද්දී එක හොදින් පේනවා...
විවාහය ගැන හිතන්න ඕනේ මගුලලට පෙර.
ලක්ෂ 62ක් ඡන්දෙ දුන්නෙ යූඑන්පී එකට නෙමේ. රාජපක්ෂ පාලනයට විරුද්ධව. ඒ ඡන්ද අතරෙ පක්ෂ ගණනාවකගේ ඡන්ද තිබුණා. රාජපක්ෂ පිලේ අයගේ ඡන්ද පවා තිබ්බා. ඒ ලක්ෂ 62 සිරිසේනව ගෙනාවෙ සිරිසේන හොදය කියලා නෙමේ. රාජපක්ෂය එලවන්න. මොකද ඒ වෙනකොට රාජපක්ෂ පාලනය මිනිස්සුන්ව පීඩාවට පත් කරලා හිටියේ. රනිල් අපිට ඕන නෑ. ඒත් සිරිසේන ලක්ෂ 62ක ඡන්ද වලට කොකා පෙන්නලා ආපහු රාජපක්ෂ පාලනයක් නම් ගේන්නෙ, මේ රටේ ආපහු භීෂණ සමයකට පාර හැදීමක් වේවි. ඇත්තටම මේ රටේ හිටිය අසාර්ථකම පාලකයා සිරිසේන ජනාධිපතිතුමා වෙනවා...
ජීවිතයටම දැක්කේ නෑ මේ වගේ ජනාධිපතිකෙනෙක්...
මෙවැන්නෙකුට ඡන්දය දීම ගැන කොටි ප්‍රකෝටි වාරයක් කම්පා වෙමි.
ඔය වගේ ජනාධිපති කෙනෙක් ආයේ කවදාවත් දකින්නේ ලැබෙන්නෙත් නෑ, මම කිව්වේ නිවැරදි තීරණ ගන්න කෙනෙක් හොඳේ..................
යහපාලන ආණ්ඩුව හොඳ නැත්නම් විධායක බලතල නිසිලෙස පාවිච්චි කරලා ආණ්ඩුව නිසිමගට ගන්නේ නැතුව වරප්‍රසාද භුක්ති විඳිමින් නිකන් බකන් නිලාගෙන ඉඳලා, දැන් එකපාරටම නින්දෙන් නැගිට්ට වගේනේ කතා කරන්නේ... ඔය ඡන්ද ලක්ෂ 62 දුන්නේ ඔබට නොව රාජපක්ෂ පවුල් පාලනය ගෙදර යවන්න. පුලුවන්නම් ලබනපාර ජනාධිපතිවරණයට ඉල්ලලා දිනලා පෙන්වන්න. රනිල්ගේ පාලනය පිළිබඳව මටත් ප්‍රශ්න තිබෙනවා... නමුත් හරි ක්‍රමය නම්, ඔහු ඉවත් කරන්න ඉස්සරවෙලා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න අවස්ථාවක් දීම කළ යුතුයි. මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ බෙල්ල මිරිකලා, පාර්ලිමේන්තුව කල් දමලා, ඒකාධිපතියා වගේ වැඩ කළාට කවදා හරි දවසක අපේ ඡන්දෙ අවශ්‍ය වන බව සිතට ගන්න.
ලංකාවේ ඉතිහාසයේ කෙටිම කාලයක් ජනාධිපතිකම දැරූ විජේතුංග ජනාධිපති තුමා , එතුමාගේ ධුරකාලය නියම විදහට නිතිය ආරක්ෂා වෙන ලෙස රාජකාරි කර ලස්සනට , සැමට සාධාරණයක් ඉටුකළ නම්ම්බු පිටින් ගෙදර ගිහින් විශ්‍රාම සුවයෙන් කාලය ගත කලා ? කියන දේ නොකරන නිකන් බහුභූත දොඩවන මෙතුමා එතුමාගේ අහලකින් වත් තියන්න පුලුවන්ද?
කැහි ගෑනී දීලා හොටු ගෑනී ගත්තා වගෙයි කියල කතාවක් තියනවා නේද? ඔබ තරම් දෙපිට කාට්ටු දේශපාලකයෙක් මුළු ලංකා ඉතිහාසයේම නැහැ. රෝමන් ඉතිහාසයේ කොරියෝලේනස් කියල කෙනෙක් නම් හිටිය වගේ මතකයි. හැබැයි, ඒ වුණාට බෝම දක්ෂ නිර්භීත ජෙනරාල් වරයෙක්.
අඩි 6 ක් පොළව යට නොගිහින් බේරුනේ නොගැලපෙන විවාහෙට පින් සිද්ධ වෙන්න නේද මැතිතුමෝ? ඔය මගුල නොගැලපෙන බව මුළු රටේම මිනිස්සු දැනගෙන හිටියා... ඒත් රනිලුයි, ඔබතුමයි විතරක් එ්ක දැනගෙන හිටියේ නැහැ. මොකද දෙන්නටම තිබුනේ බල තන්හාව විතරයි.
මෙතුමා කියන සෑම දෙයක්ම නිවැරදි වෙන්න ඇති... නමුත් හේතුව එ්ක නොවේ... ප්‍රාදේශීය සභා ඡන්දෙන් කුජීත ලෙස පැරදුණු නිසා 2020දී මහින්ද රැල්ලේ පිහිටෙන් ජනාධිපති ඔරුවෙන් ආයෙත් පාර්ලිමේන්තුවට යන සිහිනය දකින මරනින්දක කරපු වැඩක් මේක. නැතිනම් 2015 දී මෙතුමා දිනුවේ ඡන්ද ලක්ෂ හතරකින් වුවත් 2020දී පරදින්නේ ඡන්ද ලක්ෂ හතලිහකින් බව නම් නිසැකවම කිවහැක. (පටන් ගත්තේ ලිච්ඡවි ක්‍රමයට සාකච්ඡාවෙන් විසිර යනවා කියලා නමුත් අවසන් කලේ එ්කාධිපති ගෝත්‍රික බෞද්ධ අගම කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බෞද්ද රටක නායකයෙකු ලෙසිනි...