IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නගර සියයක් එකවර සංවර්ධනයට

(යොහාන් භාසුර)

‘සියයක් නගර’ ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 200 ක් වැයකරමින් නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

වසර ගණනාවකින් සංවර්ධනය නොවූ නගර 100 ක් මේ සඳහා තෝරාගැනීමට නියමිත අතර එක නගරයකට රුපියල් කෝටි දෙක බැගින් වෙන්කිරීමට නියමිතය.

මෙහිදී නගරවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදිකවේදිකා සකස් කිරීම සහ අළුත්වැඩියා කිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම සම අලුත්වැඩියා කිරීම, රථගාල් ඉදිකිරීම සහ දැනට පවත්නා රථගාල් සංවර්ධනය කිරීම, අනවසර සහ අපිළිවෙළ දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක්රෝපනය, පොදු මහජන ගොඩනැගිලි තාප්ප ආදිය නවීකරණය කිරීම, පින්තාරු කිරීම, මාර්ග දිශා පුවරු එකම ආකාරයකට සවිකිරීම, කුණු කසළ එකතු වන ස්ථාන සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම, වීදිලාම්පු ආදිය ලබාදීම, බස් නැවතුම්පළ, විවේක ස්ථාන ආදිය ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්වාගෙන යනු ලබන තාවකාලික වෙළෙඳ කුටි ඉවත් කර ඒවා සඳහා සුදුසු ස්ථානයක් හා සැලැස්මක් ලබාදීම, මාර්ග පිළිසකර කිරීම, පැතිබැමි ආරක්ෂිත වැටවල් ආදිය ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් මෙම නගර අලංකරණය හා මහජන හිතකාමී පිළිවෙලක් සහිත නගර ව්‍යාපෘතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 



අදහස් (8)

නගර සියයක් එකවර සංවර්ධනයට

පප්ප Wednesday, 16 June 2021 05:50 PM

මිනිස්සු මෙහෙ ජීවත් වෙන්න දඟලනවා... මේ අය නගර හදන්න යනවා. මේ අයට දෙවියන්ගේ හාල් කැවිලාද?.

:       118       263

යෝගා Wednesday, 16 June 2021 06:08 PM

නගරයකට කෝටි 2 ගානේ නම් මදි. ස්වේච්ඡා සංවිධානත් එකතු කරගන්න...

:       1       83

Jude perera Wednesday, 16 June 2021 06:20 PM

කොමිස් නැතිව පිස්සු හැදිලාද?

:       14       192

Deepal Nirosh Wednesday, 16 June 2021 07:17 PM

රටේ මෙපමණ මූල්‍ය අර්බුදයක් තිබියදී මෙවැනි මහා පරිමාණ අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘති ක්‍රියාවට නංවන්නේ කාගේ වුවමනාවකටද මන්ද‍ා? මේවා තාවකාලිකව නවතලා ජනතාව ජීවන සහනයක් දෙන්න කටයුතු නොකරන්නේ රටේ ප්‍රධානියාගේ නොදැනුවත් කමකටද? බැරිකමකටද?

:       0       0

නිමල් Wednesday, 16 June 2021 08:25 PM

වැඩ කරයිද? හෙන්චයියන්ගේ සාක්කු පුරවයිද බලමු.

:       0       0

ganegoda Wednesday, 16 June 2021 08:33 PM

ශ්‍රී ලංකාව කියන නගරය මේ නගර 100ට ඇතුළත් නැද්ද? අනේ මන්දා හිනාගිය පාරට බඩේ හිලකුත් හැදුණා.

:       0       0

Aparademahajanayo Wednesday, 16 June 2021 08:40 PM

මෙක අනිවාර්යයෙන්ම ප්‍රමිතිය නැති බොරු contarath වැඩ මහජන මුදල් ගසා කමින් කරගන්න වැඩක් වෙයි. මෙච්චර කාලයක් උන් කාලෙත් ඒක, දැන් කුට්ටිය පිටින්ම එළි පිට කරතැයි.

:       0       0

chandima Wednesday, 16 June 2021 08:53 PM

ඒකෙන්වත් අර කට්ටියට වාහන ගන්න සල්ලි හොයලා නොදුන්නොත් අනික් පැත්තට පැනලා ජංජාලයක් නටයි. ඒත් මිනිස්සුන්ට බෙහෙත් ටික විදින්නේ නැතිව කොහොමද? ප්‍රේමදාස කාලේ ගම් උදාව වගේ තියෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 357 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site