
(විනීතා එම් ගමගේ)
නගරාධිපතිවරයා එහි වරදකරුනම් ඔහුගේ තරාතිරම නොබලා ඉහළම දඬුවම් දීම වෙනුවෙන් තමන් පෙනී සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. මේ සම්බන්ධව සොයාබැලීමට අගමැතිවරයා පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබුණු පසු නගරාධිපතිවරයා වරදක් කර ඇත්නම් ඔහුට නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කියාසිටියේය.
පුරාවස්තු විනාශයන්හි දී කවුද කළේ යන්න නොව මොකක්ද කළේ යන්න පමණක් සොයා බැලිය යුතු බවත් එම විනාශයන්ට අදාල අය කවර තනතුරක් දැරුවත් ඉහළම දඬුවම ලබා දීම වෙනුවෙන් තමන් ද පෙනී සිටින බව ඔහු කියා සිටියේය. ගම්න්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා තමන් විසින් යෝජනා කළ ඇමැතිවරුන්ගේ කාර්ය සාධනය මැනීමේ වැඩ පිළිවෙළ සඳහා දර්ශකයක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.
තෝරාගත් නිර්නායක මත නිසි බරතැබීමක් කර දර්ශකයන් සකසා මාස හයකට වරක් ප්‍රසිද්ධ කිරීම කළ යුතු බවත් එයින් අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ඇමැතිවරුන්ගේ හැකියාවන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන බවත් පෙන්වා දුන්නේය.
ඇමැතිවරුන්ට තම විෂය පථය පිළිබඳ අවබෝධයක් ලැබීමටත් සිය වගකීම නොපිරිහෙලා ඉටුකිරීමටත් පීඩනයක ඇතිවන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මෙයින් ඇමැතිවරුන්ට තමන් දුර්වල ක්‍ෂෙත්‍ර පිළිබඳ අවබෝධයක් ඇති වවන බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා දුර්වල ඇමැතිවරුන් ඉවත් කිරීමටත් දක්ෂ ඇමතිවරුන් වැඩි වගකීම් පැවැරීමටත් තාර්කික පදනමක් ලැබීමටත් හැකි වන බව ද ඔහු කියා සිටියේය.
කාර්ය සාධන මැනීමේ දී අමාත්‍යංශ්‍යට වෙන්කරන ප්‍රාග්ධන ප්‍රතිපාදන වියදම් කිරීමේ කාර්යක්ෂමතාව, පුනරාවර්තන ප්‍රතිපාදන වියදම් කිරීම් කාර්යක්‍ෂමතාව, පාර්ලිමේන්තු පැමිණීම, පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත්වන වාචික ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම, විෂය පථයට අදාල විවාදයන්ට සහභාගි වීම, අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පැවැත්වීම, අවශ්‍ය පනත් හා රෙගුලාසි ඉදිරිපත් කිරීම, විගණන විමසුම් සඳහා නොපමාව පිළිතුරු සැපයීම ඇතුළු අංශ සඳහා අවදානය යොමු කළ යුතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
COMMENTS
ඔය කමිටු වාර්තාවෙන් කියාවි.. දොස්තර රියදුරා රාත්‍රියේ ඩෝසරය පදවාගෙන යද්දී ඔහුට නින්ද ගිහින් ඒක ඔය කියන මණ්ඩපේ හැපිලා ඒක කඩා වැටුණා කියලා...
නගරාධිපති පමණක් නොවේ. ජොන්ස්ටන් ඇමැතිතුමා අපේ ගරු අගමැතිතුමාටත් මේකට සම්බන්ධ නම් දඬුවම් දිය යුතුයි. ඔබතුමා එහෙම වුණොත් අවංකව මැදිහත් වෙනවද, ඔවුන්ට විරුද්ධව පෙනී හිටින්න.
මෙන්න කියලා දඬුවම් දේවි දේවි ... දැනටමත් සභාපතිගේ පැත්තට බලවත් අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි වරද ගැන නොසොයා ගොඩනැගිල්ල හදන්නයි සූදානම . ගොඩනැගිල්ල හැදුවාම කොහොමද ඒක කඩපු කෙනාට දඬුවම් දෙන්නේ. මෙතන වෙන්නේ තනිකරම කට්ට කමක්. ඕවා කියයි අනිත් අයට ... අප ඔවාට රැවටෙන්නේ නැහැ
කුරුණෑගල බලවතෙක් කියනවා එයා ඉන්නකල් නගරාධිපතිට අත තියන්න දෙන්නේ නැහැ කියලා. අනේ අනිච්චං
ඔයාගේ නඩු දැන් ඉවරද අනුන්ගේ නඩුවලට කතාකරන්න ඉස්සෙල්ලා?
ඉස්සරවෙලාම නඩු දාන්න, වැරදිකරු වෙන්න ඊට පස්සේ. දඬුවම අන්තිමට.
මෙම නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විනාශ කරන ලද ගොඩනැගිල්ල පෞරාණික විය යුතුම ද ? එය පුද්ගලිකවම නගරාධිපති සතු දේපලක් නම් දැනට ක්‍රියාත්මක කරන විමර්ශණ අවසන් වන තෙක් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි වන නමුත්, එය ඔහුට අයත් නොවන දේපළක් බැවින් ඔහු වහාම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකිරීමෙන් රටේ නීතිය දේශපාලඥයින්ට යටවී ඇති බව පැහැදිලිය.
ඔය ඔක්කොම ඡන්දෙට විතරයි.
අන්තිමට බලනකොට ගොඩනැගිල්ල කවුරුත් ඩෝසර් කරලා නැහැ.
ඉන්න හිතෙන රටක්, අපිට ගිය කලක්.
ඩෝසර් එකේ රියදුරු තමා වැරදි කාරයා මහත්තයෝ.
නෑ... නෑ එතුමා වැරදි නෑ.
වරද පෙනෙන්න තිබෙද්දිත් ඇයි දඬුවම් ප්‍රමාද කරන්නේ කියලා තමයි තියෙන ප්‍රශ්නේ.?
හා හා දවසේ කියමන.
මහා රාත්‍රියේ ඩෝසරයක් ක්‍රියාත්මක වී මෙම ස්ථානය විනාශ කර ඇත.
නඩු තියෙන අය නඩු ගැන කතා කරනවා. නියම ජෝකර්ලා.
මෝල්ගහ මිනී මරුවයි කියලා තීන්දු දුන් රටක ඩෝසරය වැරදි කරු වුනොත් පුදුමයක්ද.?
අපි විස්වාස කරන්නේ නැහැ.
මෝඩ දේශපාලකයෝ ඉන්න රටක්.