( ජයන්ත සමරකෝන්)
 

කොළඹ මහ නගර සභාවට අයත්   නාගරික කොමසාරිස් නිල නිවස වසර පහකට අධික කාලයක් තිස්සේ  බාර නොදීම හේතුවෙන්  හිටපු කොමසාරිස්  භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කාලය තුළ දණ්ඩ කුලිය ලෙස දෙකෝටි පනස් පන් ලක්ෂ පනස් නව දහස් නවසිය අසූ හයක්  අය කර ගැනීමට  නඩු පැවරූ බව  කොළඹ නාගරික කොමසාරිස් රොෂිනි දිසානායක මහත්මිය පැවසූවාය.
 
 හිටපු කොමසාරිස්වරිය මූලික අයිතිවාසිකමක් කඩවීමක්  සම්බන්ධයෙන්  මෙම නිල නිවස වෙනුවෙන් පවරා තිබූ නඩුවක තීන්දුවට අනුව ,  උක්ත නිල නිවසට  ඇයට හිමි කමක්  නොමැති බවට  පසුගිය පෙබරවාරි 12 වැනි දින  තීන්දුවක් ලබා දී ඇතැයි  ඇය කීවාය.
 
  2015 5. 1  සිට 2020.06.09 දක්වා මෙම දණ්ඩන කුලී මුදල අය කිරීමට විගණකාධිපතිවරයා විසින්  විගණන විමසුමකදී පවා  පෙන්වා දී  ඇතැයි කොළඹ  මහ නගර  සභාව පවසයි.