(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වසන්නැයි එහි ක්‍රියාකරුට නිසි අයුරින් සංඥා ලබා නොදීම හේතුවෙන් කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් මෝටර් රථයක් දුම්රියක ගැටුනද එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකුගේ ජිවිත අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි.
එම මෝටර් රථය පැදවූ කාන්තාව සහ එහි ගමන් ගත් තවත් කාන්තාවක් දැඩි කම්පන තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
සිදු වූ අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ධාවනයට නුසුදුසු තත්ත්වයට පත් වී ඇතැයි පොලිසිය කියයි
කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව නිමකර මහරගම නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනා රැගත් මෝටර් රථය කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු විවෘත කර තිබීම හේතුවෙන් ඒ හරහා ගමන් කිරීමේදී කොළඹ සිට පාදුක්ක කරා ගමන් කරමින් තිබූ දුම්රිය මෝටර් රථයට ආසන්නයට පැමිණීමත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වී ඇති අතර ඒ සමගම දුම්රිය මෝටර් රථයේ වම්පස බඳ පෙදෙසේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුර වැලකිලා නැහැනෙ . ඔය ඩැමේජ් එක මොකක්ද එතකොට
මං දැක්කා අනතුර
ගේට්ටු අතින් පයින් වහන එක යල් පැනගිය ක්‍රමයක්. ඔය කයිවාරු ගහන පාලකයන්ට බැරිද මේකට ස්වයංක්‍රීය ගේට්ටුවක් දාල දෙන්න. මේවගෙ අනතුරුදාක හරස් මාර්ග කොපමන තියෙනවද? ඒවට විසදුම් නොදී තිබෙනතාක් මෙවැනි අනතුරු වලක්වන්න බැහැ.
හලෝ ජයසිංහ... කවුරුහරි මැරුණොත් විතරද ඒක අනතුරක් වෙන්නේ..?