(ප්‍රියානි මංගලිකා)

නිකවැරටිය නගරාසන්නයේ,මහ ඇළ අසල නිවසක පදිංචි පවුලක වයස අවුරුදු දෙකයි මාස අටක පිරිමි දරුවකුගේ සිරුර එම ඇලේ ගසාගෙන යද්දී හමු වී ඇතැයි පොලීසිය පවසයි.

දරුවා ඇළේ ගසාගෙන යද්දී ඇළේ පහල කොටසේ සිටි අයකු  දරුවා ගොඩ ගෙන නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බවද ,පොලීසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය මහ ඇළ අසල බුදුමුත්තාව ප්‍රදේශයේ පදිංචි   ජලීල් හයිෂාන් නැමති වයස අවුරුදු දෙකයි මාස අටක් වයසැති සිඟිත්තෙකි.

දරුවාගේ පියා නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථානයක රැකියා වක නිරතව ඇති අතර  මව සහ දරුවන්ද නිවසේ රැඳී සිට ඇත.

දරුවාගේ මව මෙම ඇළට ගොස් රෙදි සෝදාගෙන විත් ,රෙදි වියලීමට දමා ,දරුවා ගැන සොයා බලද්දි දරුවා නොමැති බව දැන කලබලයට පත්ව සොයා බලා ඇත. මවගේ කෑ ගැසීමේ සද්යට ඇළේ පහලෙ කොටසේ සිටි අයකුට ඒ පිළිබඳව සොයා බලද්දී ගසාගෙන යමින් සිිටි දරුවා  ගොඩට ගෙන ඇත.