IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


නිකවැරටියේ දී පහරකෑමට ලක්වූ දැරිය හෙට අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට

(විනීතා එම් ගමගේ)

නිකවැරටියේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ අමානුෂික ප‍්‍රහාරයකට ලක්වූ දහතුන් හැවිරිදි දැරිය කුරුණෑගල රෝහලේ දී හෙට (07) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පරීක්ෂාවට ලක්කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට අද  (06) පැවසීය.

මේ වනවිට දැරිය නිකවැරටිය රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇති අතර මූලික අධිකරණ වෛද්‍ය නිලධාරී  පරීක්ෂණ සිදුකර ඇතත් විශේෂඥ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවට ඇය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා කීය.

ඇගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමට විශේෂඥ කමිටුවක් හෙට රැස්වීමට නියමිත බවත් ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය, විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, ප‍්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී, ළමා අයිතිවාසිකම් සුරැකීමේ නිලධාරී ඇතුළු පිරිස් සහභාගි වීමට නියමිත බව පැවසූ සභාපතිවරයා දැරිය කවර තැනැත්තෙක් භාරයට පත්කරන්නේ ද යන්නේ සිට ඇය පිළිබඳ ඉදිරි පියවර එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් එම තීරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය යම් පියවරක් ගනු ඇති බවත් කියා සිටියේය. 

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇය පිළිබඳ තොරතුරු වාර්තා වී ඉකුත් ඇය පිළිබඳ සෙවීමට ඉකුත් 30 වැනිදා මීරිගමට ගිය නමුත් ඇය ඒ වනවිට සැඟව ගොස් තිබු බවත් ඇය සොයාගත නොහැකිව අධිකාරියේ විමර්ශන නිලධාරින් ආපසු පැමිණ ඇති බවත් විදානපතිරණ මහතා පැවසීය.

පසුව ඇයට පහර දීමේ සිද්ධිය මාධ්‍ය මගින් දැකීමෙන් පසු දිගින් දිගටම අධිකාරිය වෙත දුරකතන ඇමතුම් ලැබී යැයි කී සභාපතිවරයා ඒ අනුව යළි විමර්ශන නිලධාරිහු කණ්ඩායමක් නිකවැරටියට යැවූ බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ජාතික ලමා ආරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන කණ්ඩායම, දිස්ත‍්‍රික් ළමා ආරක්ෂක නිලධාරි හා නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් දැරිය අධිකාරිය භාරයට ගත් බවත් දැරියගේ කුඩම්මා, ග්‍රාමනිලධාරිනිය පියා සහ දැරිය ගේ පෙම්වතා යැයි කියා ගත් තරුණයා ද අත් අඩංගුවට ගත් බව ද හෙතෙම කියා සිටියේය.

මේ වනතෙක් කළ පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ මේ දැරියගේ පියා විසින් ඇයට පෙම්වතා හඳුන්වා දී ඇති බව යැයි ද ඇය ඉකුත් 30 වැනිදා ඔහු සමඟ නිවසින් පිටව ගොස් ඇති බව ද යැයි පැවසූ මහාචාර්යවරයා මේ වනවිටත් සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරිය පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බව ද සඳහන් කළේය.

 

 

 

 

 



අදහස් (1)

නිකවැරටියේ දී පහරකෑමට ලක්වූ දැරිය හෙට අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට

Samitha Tuesday, 07 January 2020 12:25 AM

රටකට ගිය කලක්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 162 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site