






(ඉන්දික අරුණ කුමාර)
නකල්ස් අධි සංවේදී රක්ෂිත කලාපයේ වන ඝණත්වය වැඩිකිරීමේ අරමුණින් හිස් භූමි ප්‍රදේශවල පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණි. එක්සත් ජාතින්ගේ සුළු මූල්‍යාධාර වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකව තිබේ.
පිටවල - රෙඩ්බානාගම රක්ෂිත ප්‍රදේශයේ දී වැඩසටහන ආරම්භ කළ අතර එහිදී දුම්බර පරිසර පද්ධතියට ආවේණික කළුවර, කුඹුක්, කරඳ, බුළු, ඇටඹ, මී වැනි පැළ රෝපණය කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වන දුම්බර මිතුරෝ, අනුරුද්ධ අරණ හා රංගිරි පියස යන පරිසර සංවිධානවල පිරිසද, එක්සත් ජාතින්ගේ සංවිධානය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මීට එක්වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කලයුතුම උත්සාහයක්
අගය කරන්න ඕනෑ ක්‍රියාවක්. හැබැයි අධි සංවේදී කලාපයකට පිටින් ගෙනත් පැල හිටවන එක කොච්චර සාර්ථකද? ස්වභාවිකවම ගස් වැවෙන එක වෙනවා නේද? මෙහෙම කරනවා නම් එක ඉතාමත්ම පරිස්සමින් කරන්න ඕනෑ ක්‍රියාවක්...