





(ඉන්දික අරුණ කුමාර)
නාඋල අධ්‍යාපන කලාපයට අයත් නාඋල - ශ්‍රී නාග ජාතික පාසලේ බැඳ තිබූ අවදානම් සහිත බඹර වදයක් කපා ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.
ශ්‍රී නාග ජාතික පාසල යනු පාසල් දරුවන් 2000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන ජාතික පාසලකි.
පාසල් නොපවත්වන සමයේ දී පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක බැඳ තිබු මෙම බඹර වදය ඉවත් කිරීම සඳහා විදුහල්පති ඩබ්ලිව්. පීරිස් මහතා ඇතුළු කණ්ඩායමක් පියවර ගෙන තිබිණි.
බඹර වදයේ සිටි බඹරුන්ට හානියක් නොවන පරිදි ඔවුන් ඉවත් කිරීමට එම පිරිස කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරවදයේ සිටි බඹරුන්ට හානියක් නොවන පරිදි ඔවුන් ඉවත් කිරීමට එම පිරිස කටයුතු කළා නම් ඔවුන් මොන තරම් කරුණාවන්ත හදවත් ඇත්තන් වෙන්නට ඇතිද.? ඹමරුන් හිතන්න ඇති,. කිසිවෙකුත් නැති එකේ ඔන්න ඔහේ අපි කූඩු හදාගෙන ඔහේ ඉමු කියලා.. ඔවුන්ට කරදරයක් නොකරන්නේ නම්, ඔවුනුත් තමන්ගේ පාඩුවේ ඉන්නවා ඇත. ඔවුන්ගේ කූඩුවලට ගල් ගසා, හිරිහැර කළේ නම් ඔවුන් එළව, එළවා දෂ්ඨ කරනු ඇත. ඔවුන් මලින් මලට පියාඹා ගොස් දුකසේ එකතු කරගන්නා "පැණි" මිනිසුන් වූ අප, ඔවුන් පලවා හැර සොරාගන්නේ නම් එය කොතරම් දුරට සදාචාරාත්මකද කියාත් මට සිතෙයි.
සිසුන් බඹරුන්ගෙන් බේරා ගැනීම සම්බන්ධව විදුහල්පතිතුමාටත්, සහභාගි වූ සැමටත් ස්තුතියි. දෙනියාය මොරවක ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් මට සිහිපත් වෙයි. දිනක් උකුස්සෙකු බඹර වදයකට කොටා පැණි වදයෙන් කෑල්ලක් කඩාගෙන ගොස් ඇත. බිමට පහත් වූ බඹරුන් ප්‍රදේශවාසීන්ට හොඳටම ඇණ ඇත. මා දන්නා අයෙකු ඔහුගේ මිතුරෙකු පැමිණෙන විට හයියෙන් කෑ ගසා බඹරු ඉන්නවා එන්නට එපා යයි අතින්ද සංඥා කොට ඇත. ඒ දුටු මිතුරා වහා තම මෝටර් සයිකලය හරවාගෙන වේගයෙන් මොරවක නගරය දෙසට ගොස් ඇත. පිටුපස හැරී බලනාවිට, අහසේ කළු ගුලියක් සේ දැකීම නිසා ඔහු වේගය තවත් වැඩිකොට ගොස් ඇත. පොලීසිය අසල සිටි මෙය නොදත් පොලිස් නිලධාරීන් හා කාන්තා නිලධාරිනියන් කිහිප දෙනෙකු ඔහු නැවතීමට උත්සාහ කොට ඇත. බඹරු එනෝ.. කියමින් ඔහු වේගයෙන් ගිය පසු, පොලිස් නිලධාරීන්ට බඹරු අැන ඇත. කළු ගුලිය නැතිබව දැනගත් ඔහු නැවත පැමිණීමේදී නිලධාරීන්ගේ සපත්තු පොත් ආදිය අහුලාගත් ඔහු ඒවා පොලීසියට ගෙනගොස් බාරදී ඇත. ඔවුන් මුහුණු ඉදිමී සිටිනාවිට සිනහා ගිය ඔහුට නිලධාරීන් කියා ඇත්තේ තමුසේ බඹරුන් එනබව අපට කීවේ නැහැ. යනුවෙනි. මං කීවා සර්ලට නොතේරුණාට මං මොනවා කරන්නද යනුවෙන් ඔහු අසා ඇත.
හොඳ වැඩක්.
බඹරු අනිනවාටත් වැඩිය මට හිතේ අමාරු, මිනිසුන්ගෙන් වෙන හිරිහැරයි. නිදහසේ කමන්ට් එකක්වත් දා ගන්නවත් බැරිහැටි.. කිසිම දෙයක් බලෙන් ලබාගන්නට බැරිබව මේ බඹරුන්ට නොතේරෙන හැටියක්..
පාසල්, රෝහල් වැනි මිනිසුන් ගැවසෙන ස්ථානවලට ආසන්නව ඇති මෙවැනි බඹරවද, ඒවා කුඩා අවධියේම කඩා ඉවත් කළ යුතුයි.
මේ බඹර වදය එක දවසකින් හදපු එකක්ද? ඕනම දෙයක් අපිට වදයක් එනතුරු බලාසිට ඊට පිළියම් යෙදීම අපේ ජාතියේම වැරැද්දක්...