
(ඩයනා උදයංගනී)
දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
මෙම මුහුදු ප්‍රදේශවල දැනට ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd