( සිතුම් චතුරංග)
යාපනය- මහනුවර ඒ නවය මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනයවූ ලොරි රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටී අද (18) සිදු වු අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පුලියංකුලම පොලිසිය පවසයි.
කාර්මික දෝෂයක් හේතුවෙන් ගොයම් කපන යන්ත්‍රයක් රැගෙනයමින් තිබූ ට්‍රැක්ටර් රථය මාර්ගයේ නවතා තිබියදී කොළඹ සිට යාපනය දක්වා පානීය ජලබෝතල් රැගෙන පැමිණි ලොරි රථය ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ රිය සහයකවරයාවූ යාපනය පේදුරුතුඩුව පදිංචි මරියදාස් නිශාන්තන් (20) නැමති තරුණයෙකි.
අනතුරින් ලොරි රියදුරුවූ, ට්‍රැක්ටර් රථයේ රියදුරු , ට්‍රැක්ටර් රථයේ සිටි තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා වවුනිවාව මහ රෝහලට ඇතුළු කර ඇත.
ලොරි රථ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහරෝහලේ පැවැත්වීමට නියමිතව තිබුණි.
පුලියංකුලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.


2025 දෙසැම්බර් මස 18
595
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධාවනය වු ලොරියක් නවතා තිබු ට්‍රැක්ටරයක ගැටී අයෙක් මරුට: 4 ක් රෝහලට
janatha anura Thursday, 18 October 2018 09:30 AM
ටයර් හතරෙන් තුනක්ම නැහැ.