IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සර උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

ධර්මපාල තුමන්ට උපහාර දක්වන්න පැවිදි හඬ පාගමනින් එති

 

(ළහිරු හර්ෂණ)

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 156 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් එතුමාට උපහාර දැක්වීම සඳහා පැවිදි හඬ සංවිධානය අද (17) නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සිට කොළඹ නගර ශාලාව දක්වා පාගමනක් ඇරඹුහ.

ධම්පල් රන් හඬ සංවිධානයේ සභාපති නාරහේන්පිට අභයාරාම රාජ මහා විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, සංවිධානයේ සාමාජික සාමාජිකවන්, පාසල් ළමුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පැවිදි හඩ සංවිධානය මගින් ධර්මපාල ශ්‍රිමතාණන් වෙනුවෙන් කෘතවේදීත්වය ප්‍රකාශ කිරිම හා එතුමා විසින් දේශයට දායාද කළ ‘ජාතික පනත’ පදනම් කරගෙන ගව ඝාතනයට එරෙහි හඬක් නැගීම වෙනුවෙන් එහිදී ප්‍රතිඥා ලබා දීම නියමිත ය.

 


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සර උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 මාලිගාකන්ද ශ්‍රී ලංකා මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී අද (17) පැවැත්විණි.  

මෙහිදී ජනාධිපතිවරයා විසින් ජන්ම සංවත්සරය වෙනුවෙන් රත් සඳුන් පැළයක් විහාර භූමියේදී රෝපණය කර, අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර ද දක්වන ලදී.

ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරුණු විශේෂ රුපියල් 500 සැමරුම් කාසියක් ද මෙහිදී මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ජනධිපතිවරයාට පිළිගැන්වූයේය.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපති බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නය ද , මහාචාර්ය ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු ද , එක්සත් ජාතික පක්ෂ නියෝජය නායක රුවන් විජයවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධර්මපාලතුමාගේ ගුණ සමරුවක් ගම්පහදී - නගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය සැමරේ



අදහස් (1)

ධර්මපාලතුමන්ගේ 156 වැනි ජන්ම සංවත්සර උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

Binkunndaa Thursday, 17 September 2020 06:59 PM

මෙයාට ලංකාවේ දුෂ්ඨ ජනතාව එපාවෙලා තමයි ඉන්දියාවට ගියේ. එහෙ තමයි ගුණ සමරන්න ඕනේ..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site