(බන්ධුල ඉලේපෙරුම)
කොවිඩ් 19 වැළදීමෙන් වළකින ඖෂධය සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද (10) පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබිණි. ඒ ආණ්ඩු පක්ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසිනි.
ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අදාළ පැණි බෝතල් රැසක් මන්ත්‍රීවරුන් සඳහා රැගෙන ආ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද පැණිය පානය කළ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරුම් ගන්න බැරි එක දෙයක්.... මෙ ගැන සුදුසුකම් ලත් ආයුර්වෙද වෛද්‍යවරු නිශ්ශබ්දව ඉද්දී මන්ත්‍රීවරු මෙක පස්සේ දුවන්නේ මොකද?
ආහ්... ඒකනම් වුවමනාවෙන් කරගන්න ඇති. මෙ ගොල්ලන්ගේ පණනල රැකුණොත් ඔක්කොම හරිනේ. රටෙ මිනිස්සුන්ට හෙණ ගැහුවත් මොකෝ..?
අනේ අපිව පාලනය කරන්නේ මෙ වගේ මෝඩයින්ද?
මෙ ප්‍රදර්ශනය කරන්නේ නොහැකියාව නේද?
කිසිම සායනික තහවුරුවක් නැති දෙයක්. ලෝකයේ භයානක වසංගතයකට ඛෙහෙතක් කියලා එළිදක්වලා කරන මෙ විහිළුව මුලු ලෝකෙම හිනස්සලා තමයි නවතින්නේ....
වෛද්‍ය මණ්ඩලයකින් ඔය පැණිය අනුමත නොකළහොත් ගරු පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගෙන බුද්ධිමත් ඡන්දදායකයින්ට දෙන්න. මෙයට අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට වියත්මය සැදී පැහැදී කටයුතු කරන බව නියතයි...
ඕක අමතර ආහාරයක් ලෙස භාවිතයට සුදුසු පානයක් මිස ඖෂධයක් නොවේ කියලා දේශීය වෛද්‍ය බලධාරීන් සහතික කරලා තියෙද්දී මොකටද මේ තව තවත් රට්ටු රවට්ටන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නේ? ඒ වැඩෙත් කාලි අම්මා හීනෙන් කියපු දෙයක්ද ?
මන්ත්‍රීවරුන්ට විතරක් දීල මදියිි. අපිටත් දෙන්න. අපට සල්ලිවලට හරි පහසුවෙන් ගන්න විශ්වාස වන්ත තැනකට ඔය බෙහෙත බාර දෙන්න. මෙතරම් බයංකාර අවධියක ඇයි මෙහෙම බෙහෙතක් තියන් තව දුරටත් කල් දමන්නෙ.? වැස්ලින් එකක් එනකම් බලන් ඉන්නවද දන්නෙ නැහැ. නැත්නම් නිශ්පාදකයා ලංකාවෙ කෙනෙන් නිසාද? මේ බෙහෙත හරියටම හරි කියලයි මගේ නම් විශ්වාසය. පහසුවෙන් ගන්න මොකක් හරි සැලැස්මක් හදන්න. නැත්නම් ජේවීපී එකට බාර දෙන්න. ඒ ගොල්ලො දන්නව එක රැයකින් වැඩක් කරන හැටි. කොහොම හරි අපට ඉක්මණට බෙහෙත දිල රට සෑම අතින්ම යතා තත්වයට පත් කරන්න.
අනේ දෙයියනේ රටකට ගිය කලක්....
කාලකන්නි තවත් බල බල ඉන්නවා... ක්‍රමවෙදයක් හදලා ඛෙහෙත ඛෙදා දෙන්නේ නැතිව... වෙදාව වෙන රටකින් උස්සලා ලංකාවට ඛෙහෙත එව්වා නම් කොමිස් තියාගෙන ඛෙදාදෙයි.
ජනතාවට පැණි ඛෙදීම තහනම් කර මන්ත්‍රීලා පැණි බොති.
සේරටම ඉස්සර මෙ ධම්මික මහත්තයාව කොරෝනා රෝගීන් සමග එක සතියක් විතර තියලා බලන්න වෙනවා.
මේ පැනි බොන අයගේ නම් ලියාගන්න. ඔවුන්ට එන්නත අවශ්‍ය නැත.
අහන්න දෙයක් නැහැ එහෙනම්, පාර්ලිමෙන්තුව ඇතුලෙත් කොරෝනා පොකුරක් හැදිලා වගේ... ලෙඩක් නැතිව ඛෙහෙත් බොන්න තියෙන ඔන කම මොකක්ද? කතානායකවරයාටත් ලෙඩෙ බෝවෙලාද? අයවැය පාටි එකෙන් පස්සෙ ඔහොම වෙනවා කියලා මගේ සීයා කියනවා.
දොළුකන්ද තමයි මතක් වුණේ...
පැණිය වසවෙයිද දන්නේ නැහැ එහෙනම්....
පාර්ලිමෙන්තුවට නම් ඔන ජරාවක් ගැලපෙනවා.
බාස් පැණි වෙනුවට පුන්නක්කු හැලියක් තමයි ඔතන ඉන්න අයට හරි යන්නෙ...
මේ මහත්මයා මේ වට්ටෝරුව සුද්දෙකුට දුන්න නං එංගලන්තේ පිරිපහදු කරලා ඉංගිරිසි නමක් ගහලා පෙත්තක් රුපියල් 8000 කට අපිට පහසුවෙන් ගන්න තිබ්බා.. කොහෙද ඉතින්...
ඒ අවස්තාවත් තියෙන්නේ දේශපාලන සම්බන්ධකම් වලට විතරයි, නැත්නම් අපේ දේශීය වෙද මහත්වරු මීට ගොඩ කලකට කලිනුයි බෙහෙත් හැදුවේ. ඒවා එහෙම යට ගැහුවා. මිසදිටු බලයකින් ලබුන කීව ගමන් බොරු මාධ්‍ය ප්‍රචාරයකුත් දුන්නා...
කතානායක මෙහෙමයි කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ. නුඹලා පැණි බීලා හොදින් හිටපල්ලා. අපි පඩි, වරප්‍රසාද දෙනවනේ...
බජට් පාටි එකට මෙවර වයින්, විස්කි,වොඩ්කා වෙනුවට මෙ රජපැණියද බොන්න ගෙනාවෙ? අනේ හොදයි. අපේ රට බීම වලට තැනක් දෙන්න පාර්ලිමෙන්තුවට ගෙනාපු පැණියට නිවන් සැප ලැඛෙවා...
ඉටියෙන් හරි, මැටියෙන් හරි බළලා මීයෝ අල්ලනවා නම් හරි අපට මොකටද? ඒත් ඔතන හරියන්නේ වල්නාශක ඛෙහෙත්... අනේ අම්මපා...
මෙයින් එකක් 8000 /=කට වගේ දුන්න නම් (ඔන් ලයින් ගන්න පුළුවන්), බාස් බාස් කියලා උඩ පනින සෙට් එකයි දෙවියන්ට බණින සෙට් එකයි පෝලිමේ ඕඩර් දායි, කැමති අයට බොන්න කියල.., බැරි මිනිස්සු සද්ද නැතිව හිටියාම හරිනේ. අනික ඔය වෙළද දැන්වීම් වල කියන කිරිවල, බේත්වල කෑමවලින් හොදක්නේ වෙන්නේ... කියන්නේ අර රටේ, මේ රටේ පර්යේෂණ කරා කියලා ..වෙන දේ තේරෙන්නේ නෑ.. ටික කාලෙට කලින් පොල් තෙල් හොද නෑ. දැක්කොත් මරණෙ කියලා කෑමොර දුන්නා. ඔය උගත් නවීන කියන සෙට් එක. කන්න කීවා අර තෙල්, අද ලෝකෙම පොල් ගුණාත්මක බවින් වැඩි ආහාරයක් කියල පිලි අරන් තියෙනවා. අනික ඔය සායනික ඔප්පු කරන ඒවා කොච්චර කලෙකටද වලංගු ? එතකොට එව්වා බොරු නෙවේද?
ජනතාව ගොනාට අන්දවලා පාර්ලිමෙන්තු සෙට් එකත් නිකම්ම ගොනාට ඇදගෙන නේද? විද්‍යාත්මක ක්‍රමයකට කොරෝනා පාලනය කරන්න ක්‍රමයක් හොයන්නේ නැතිව කරන නාඩගම් කළින් කයිවාරු ගැහුවා. අපේ රටෙ කොරෝනා පාලනය විශිෂ්ඨයි කියලා දැන් කොරෝනා පාලනයේ අසමත් පෙළ ගැස්මට නේද ඇවිත් තියෙන්නේ.. ?
ඔය වට්ටෝරුවෙ මොනවා තියෙනවද දන්නේ නැහැ...!!
මෙ කට්ටඩි මහත්තයාගේ ඇගිලිවලට දාලා තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හදපු ප්ලාස්ටර් 2ක්නේ...මොකද පත්තුවක් බදින්නේ නැත්තේ?
මම හිතන්නේ මෙ පැනියට වැඩිපුරම ගැලපෙන නම, කට්ටඩි පැණිය කියලා...