(රන්ජන් කස්තුරි)
වෙළෙඳ පොළේ ධාන්‍ය වර්ගවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මුං ඇට කිලෝවක සිල්ලර මිල රුපියල් 700-750ත් අතර මිලකට පවතින බවත් කව්පි කිලෝව රුපියල් 700-800 දක්වා ඉහළ ගොස් ඇත. කඩල කිලෝව රුපියල් 325කි.
මෙම භාණ්ඩ ආනයනය වසරක පමණ කාලයක සිට තහනම් කිරීම මිල ඉහළයාමට හේතු වී ඇතැයි භාණ්ඩ ආනයන කරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියළි කලාපයේ වනාන්තර වලින් කොටසක් වගාවට යෝදා නොගත්තොත් ලංකාව තව රටක කොලනියක් වෙන එක නවත්තන්න බෑ. ඩී.එස් සේනානායක මහත්තයා කළේත් ඒ දේමයි. කදුකර ජල පෝෂක ප්‍රදේශ, කඩොලාන, සිංහරාජ, නකල්ස් වගේ සංවේදී පරිසර පද්ධති තව තවත් රැකෙන්න ඕනේ. එ්ත් වියළි කලාපයේ වනාන්තර වලින් කොටසක් ආනයනය කරන බෝග වගාවට යොදා ගන්න ඕනේ. කිසිම ආගමක කියලා නෑ මිනිස්සු බඩගින්නේ මැරෙද්දි කැලෑ කපන්න එපා කියලා...
අවුලක් නැහැ රුපියල් 2500කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියලා බන්දුල ඇමැති කියලා තියෙන්නේ..
ධාන්‍ය විතරක් නෙමෙයි, හැමදේම මිල වැඩියි. තව ටික දවසකින් ගෑසුත් වැඩිකළාම, බයියන්ට එල්ලෙන්න තමයි වෙන්නේ.
අවුරුදු කුමාරයාට මුං ගුලි කන්න වෙන්නේ නැහැ... මුං ඇට කිලෝ එක රු1000 යි අපේ පැත්තේ...
බෑය 60 වුණත් ගාය හොඳ වුණේ නැති කට්ටිය තාම ඉන්නවා.
කව්පි ඇට ගොවීන්ගෙන් ගන්නේ 230ට.
මේ වනවිට මුං 450.. උඳු 300, කවුපි, තල ආදී ධාන්‍ය මිලදී ගන්නෙත් නෑ. ගොවියා අස්වැන්න විකිණීමට නොහැකි ගැටලුවක අපිට විසඳුම් නැතිද?