




(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බෝග වගාවන්ට තර්ජනයක් වී ඇති සේනා දළඹුවාට සමාන කම් ඇති දළඹු විශේෂයක් මේ වන විට කල්පිටිය වගා බිම් ආක්‍රමණය කර ඇති බව වගා කරුවෝ පවසති.
මීට පෙර මෙම සේනා දළඹුවා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක වාර්තා වුවද පුත්තලම දිස්ත්‍රික්කයේ වාර්තා නොවූ අතර දැනට සතියක පමණ කාලයක සිට මෙම දළඹුවා ගෝවා සහ බිට් රුට් වගාවන්ට දැඩි හානි එල්ල කරමින් වගාවන් වනසමින් ඇති බව වගාකරුවෝ කියති.රාත්‍රී කාලයේ වගා බිම් වල සැරි සරමින් දැවැන්ත හානියක් සිදු කිරීමට හැකියාව ඇති මෙම දළඹුවා සේනා දළඹුවාට සමාන බවත් තවමත් කිසිදු නිලධාරියකු පැමිණ මේ ගැන සොයා බැලීමක් සිදු කර නැති බවත් ඔවුහු කියති.
ගෝවා ගසේ පත්‍ර කා දමන බවත් එම දළඹුවා මර්දනයට කෘමිනාශක ඉසිම් කලත් දළඹුවා මර්ධනය කළ නොහැකි වී ඇත.
මේ පිළිබඳව කල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ගෝවා වගාකරුවකු වන ශෂික පුෂ්පකුමාර මහතා මෙසේ පැවැසීය.
“මේ දළඹු විශේෂය දැනට ලංකාවේ පළාත් කිහිපයකින් වාර්තා වී තිබෙන සේනා දළඹුවා විය හැකි බවයි.මොකද ඒ සමාන කම් සියල්ලම මේ දළඹුවාට තිබෙනවා. අපි දන්න කෘෂි රසායන වෙළෙද සැල්වලට කතා කරලා බැලුවම ඔය කියන දළඹුවා විනාශ කරන්න යොදන කෘමි නාශකවලින් තවම මර්ධනයක් සිදුව නැහැ . අපි රාත්‍රී කාලයට තමා රසායනික ඉසිම් කළේ මොකද රාත්‍රීයට තමා මේ දළඹුවා වගාවන් වලට හානි කරන්නේ. මේ වන විට මගේ ගෝවා වගාවේ අක්කර 10 ක් විතර විනාශ කරලා .
ඒ ආසන්න වගා බිම් වලටත් හානි කරලා තිබෙනවා. අපි ඉල්ලන්නේ අදාල අංශ මැදිහත් වෙලා කඩිනමින් මේ සඳහා පිළියම් ලබා දෙන්න කියලා‘‘ යැයි ඔහු පැවැසීය.
මේ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව් .එම්.එස්. වන්නිනායක මහතා මෙසේ පැවැසීය.
“ඔය කියන දළඹුවා සේනා දළඹු විශේෂයද කියලා අපිට තවම තොරතුරක් ලැබිලා නැහැ.මොකද මීට කලින් පුත්තලම දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා වාර්ථා වී නොතිබීම නිසා. නමුත් මම අදාල නිලධාරීන්ට දන්වන්නම් වහාම මේ ගැන සොයා බලන්න කියලා‘‘ යැයි ඔහු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළඹුවෝ කරන්නේ බඩ වඩා ගැනීමට ආහාර ලබා ගැනීම . අපේ පාලකයෝ කරන්නේත් ඒකමනේද දළඹුවන්ගෙන් වගාව හැනිවෙනවා. පාලකයින්ගෙන් රටම විනාශවෙනවා.දෙගොල්ලම එකවගේ.
රටම කයිද දන්නේ නැහැ.
සේනා දලඹුවෝ සේරම එකයි. පේනවනේ ඒ පැත්තට පනිනවා, මේ පැත්තට පනිනවා, ආයිත් ඒ පැත්තට පනිනවා, ආයිත් මේ පැත්තට පනිනවා. අන්තිමට කොහේ පැනලා කෙලවර වෙයිද දන්නේ නෑ. හැබැයි ඡන්දෙදි මේ ගොල්ලන්ට උත්තර දෙන්න වෙනවා රිදෙන්නම.
දළඹුවා පැමිණ වාර්තා කරන ලදී... අනේ කෘෂි උපදේශකතුමෝ, මාව මර්ධනය කරන්න.. ස්තුතියි
දැලඹුව විනාශ කරන්නේ පැළෑටි විතරයි. අපේ අය සියල්ලම විනාශ කරනවා.