
(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.
ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස ඇති දිය අගලේ මීටර් 10 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇත.එම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව තිබේ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සියලු අංශ දැනුවත් කර ඇති බවත් මෙය කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදුකෙරමින් පවතින බවත්ය.

COMMENTS
රටට නරක කාලයක් උදා වෙන්නයි යන්නේ...!
රටට නරක කාලයක්... ඇයි දැන් හොඳ කලක් යනවා කියලද හිතන් ඉන්නේ?
නිකමට මතක් වුනේ... ජේ.ආර් මිරිසවැටියේ ධාතු නිදන් කරන්න යන කොටත් මිරිසවැටිය කඩාගෙන වැටුණා...
මේකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා මහජන මුදල් වියදම් කිරීම අවශ්‍ය නැත. දළදා මාලිගාවේ ආදායම් වලින් කළ හැකිය.