(නිශාන්ත කුමාර)
මහියංගන - මහනුවර- ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ කිලෝ මිටර් අටක කොටසක මාර්ගය පිරිසිදු කිරිමේ හා පැළ සිටුවිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මිනිපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
මාර්ග පද්ධතිවල සුරක්ෂිතතාවය හා වනාන්තර ආශ්‍රීතව ගැවසෙන වන සතුන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරිම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
මිනිපේ ප්‍රාදේශීය ලේකම් දිල්කි වත්සලා මාරඹගේ මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත එම කාර්යාලයේ නිලධාරීන්ගේ, ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බළකායේ හා කාන්තා සමිති සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.




COMMENTS
බොහොම හොද සත් ක්‍රියාවක්. සහභාගිවූ සැමට යහපතක්ම වේවා !!!!
බොහොම හොඳ වැඩක්. ඔබ සැමට පින් අත්වෙනවා.
මෙන්න මිනිස්සු, අර අන්තරේ විප්ලවවාදීන්ටත් හොඳ පාඩම්.
ඉතා හොඳ වැඩක්.
මේක ගොඩක් හොද වැඩක්. හැබයි ගස් හිටවනකොට පාරට තරමක් ඈතින් හිටවන්න ඕන. නැත්නම් පාරෙන් ඉවතට එන වාහන ගස් වල වැදිලා මාරක අනතුරු වෙන්න පුළුවන්.
ප්‍රශංසනීය වැඩක්. සහභාගී වූ සැමට පින්. එසේම, මේ පාරවලට කැලිකසල බැහැර කරන අය සීසීටීවී මගින් වත් හඳුනාගෙන දඩුවම් පැමිණ විය යුතුය. හිතලා මතල නම් හැදෙන මිනිස්සු නෙවෙයි අපට ඉන්නේ.
වැඩේ හරියට කරන්න සාරිය අවහිරයක්.
කෙනෙක්ට සාරිය ඔසරිය පැටලිලා. අපේ අම්මා ගෙදර සියලු වැඩකලේ ඔසරිය ඇඳගෙන තමයි.
ඉතාම හොඳ වැඩක්. රටටම ආදර්ශයක්. අනිත් ප්‍රාදේශීය ලේකම්වරුත් මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරිය ආදර්ශයට ගත්තා නම් කොච්චර හොඳද...?
වංගුව, කන්ද, පල්ලම, විශේෂයෙන් මෙතන ගස් සිටුවීම හොඳ අධ්‍යයනයකින් පසුව කළ යුත්තේ...