IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


දහ අට වංගුව පිරිසිදු කර පැළ සිටුවයි

(නිශාන්ත කුමාර)                                            

මහියංගන - මහනුවර- ප්‍රධාන  මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ කිලෝ මිටර් අටක කොටසක මාර්ගය පිරිසිදු කිරිමේ හා පැළ සිටුවිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මිනිපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය   පියවර ගෙන තිබේ.                                       

මාර්ග පද්ධතිවල සුරක්ෂිතතාවය හා වනාන්තර ආශ්‍රීතව ගැවසෙන වන සතුන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරිම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.                                               

මිනිපේ ප්‍රාදේශීය ලේකම් දිල්කි වත්සලා මාරඹගේ මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත එම කාර්යාලයේ  නිලධාරීන්ගේ,  ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බළකායේ හා   කාන්තා සමිති සාමාජිකාවන්ගේ  සහභාගීත්වයෙන්  වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.



අදහස් (14)

දහ අට වංගුව පිරිසිදු කර පැළ සිටුවයි

Raveendra Tuesday, 11 February 2020 06:54 AM

බොහොම හොද සත් ක්‍රියාවක්. සහභාගිවූ සැමට යහපතක්ම වේවා !!!!

:       0       461

hira Tuesday, 11 February 2020 07:19 AM

බොහොම හොඳ වැඩක්. ඔබ සැමට පින් අත්වෙනවා.

:       0       126

kamal Tuesday, 11 February 2020 07:51 AM

මෙන්න මිනිස්සු, අර අන්තරේ විප්ලවවාදීන්ටත් හොඳ පාඩම්.

:       1       175

Pradeep Tuesday, 11 February 2020 09:15 AM

ඉතා හොඳ වැඩක්.

:       0       83

ajith Tuesday, 11 February 2020 09:18 AM

මේක ගොඩක් හොද වැඩක්. හැබයි ගස් හිටවනකොට පාරට තරමක් ඈතින් හිටවන්න ඕන. නැත්නම් පාරෙන් ඉවතට එන වාහන ගස් වල වැදිලා මාරක අනතුරු වෙන්න පුළුවන්.

:       0       66

max Tuesday, 11 February 2020 10:28 AM

ප්‍රශංසනීය වැඩක්. සහභාගී වූ සැමට පින්. එසේම, මේ පාරවලට කැලිකසල බැහැර කරන අය සීසීටීවී මගින් වත් හඳුනාගෙන දඩුවම් පැමිණ විය යුතුය. හිතලා මතල නම් හැදෙන මිනිස්සු නෙවෙයි අපට ඉන්නේ.

:       0       86

Bamunuarachchi Tuesday, 11 February 2020 11:02 AM

වැඩේ හරියට කරන්න සාරිය අවහිරයක්.

:       318       207

PradeepWednesday, 12 February 2020 02:59 AM

මට අපේ පැරණි කියමනක් මතක් වුනා. "ඉටියෙන් හරි මැටියෙන් හරි කමක් නෑ බළලා මියෝ අල්ලනවනම්" කියලා. ඇදුම කුමක් වුවත් මොකද අවශ්‍ය වැඩේ කෙරෙනවානම්.

:       0       22

chinthanaThursday, 13 February 2020 10:23 PM

මේ නිලධාරිනියන් ඔසරි අඳින්නේ වැඩේට යම් අපහසුවක් බව නොදැන නොවේ , එයාලගේ තනතුරේ තත්වය රකින්න සහ මෙතන ඉන්න අනිත් කාන්තාවන්ට එයාලා වඩා වෙනස් හෝ උසස් බව පෙන්වන්න. මෙතන කෙරෙන වැඩ ඔසරි ඇඳගෙන කරන්න බැරි ඒවත් නොවේ. කොහොමත් ඔහොම වැඩ කරන කාන්තාවන් වැඩිදෙනෙක් දෙපා වැහෙන්න චීත්තයක් ඇඳගෙන වැඩ කරන්නේ.

:       0       0

ධම්ම Tuesday, 11 February 2020 01:56 PM

කෙනෙක්ට සාරිය ඔසරිය පැටලිලා. අපේ අම්මා ගෙදර සියලු වැඩකලේ ඔසරිය ඇඳගෙන තමයි.

:       0       8

Champa Tuesday, 11 February 2020 04:34 PM

ඉතාම හොඳ වැඩක්. රටටම ආදර්ශයක්. අනිත් ප්‍රාදේශීය ලේකම්වරුත් මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරිය ආදර්ශයට ගත්තා නම් කොච්චර හොඳද...?

:       0       17

Rasika Thursday, 13 February 2020 09:13 AM

වංගුව, කන්ද, පල්ලම, විශේෂයෙන් මෙතන ගස් සිටුවීම හොඳ අධ්‍යයනයකින් පසුව කළ යුත්තේ...

:       0       0

ChampaThursday, 13 February 2020 12:55 PM

වංගුව, කන්ද, පල්ලම ප්‍රශ්නයක් වෙන්නේ දැනදැනම මාර්ග නීති කඩකරන පුද්ගලයින්ට. වාහන එලවන මිනිස්සු වංගුවේ, පල්ලමේ සහ කන්දේ යන විදිහ දන්නේ නැති එක පරිසරය ආරක්ෂා කරන්න බාධාවක් වෙන්නේ කොහොමද? ඒ හින්දා මෙතන ගස් සිටුවීමේ කිසි ප්‍රශ්නයක් නැහැ...

:       0       0

chinthanaThursday, 13 February 2020 10:02 PM

දහඅට වංගුවේ හා වෙනත් කඳු මාර්ගවල වංගුවල ද්විත්ව ඉරි ඇඳලා තියෙනවා. මාර්ග නීති රැකලා ඉරි නොකපා වංගු ගන්න බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site