(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද (5) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය  බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

වයඹ සහ උතුරුමැද පළාත්වලත්, වව්නියාව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක ද වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.