(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ අවිස්සාවෙල්ල උඩුපිල ප්‍රදේශයේ නිවසක් වටලා ගිනි අවියක් , ජීව උන්ඩ සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
44 හැවැරිදි එම කාන්තාව සමඟ ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්,ජීව උණ්ඩ නවයක් සහ කඩුවක් පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම වැටලීම කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෙහිඕවිට ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකින් ගිනි අවියක් සොයා ගනී
de silva Sunday, 24 February 2019 12:46 PM
ඕක පත්තරේ දමන්න දෙයක්ද? ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගෙන් 90%ක් විතර තහනම් ගිනිඅවි තිබෙනවා. සමහරු ඒවා ඉනේ ගසාගෙන ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙනවා. සමහරු වාහනවල ලාච්චු වල ඒවා අනිවාර්යයෙන් තිබෙනවා. ගෙදර පරික්ෂා කළාම එහෙම එකක් නොතිබුණා නම් තමයි පුදුමේ...
චන්දදාස Monday, 25 February 2019 01:08 AM
2015 ජනවාරියට පෙර දිනක රූපවාහිණී නිවුස් වලින් දැක්කා හම්බන්තොට පැත්තේ එක් පලාබබෙක් මහදවාලේ පිස්තෝලයක් වනවනා මහපාරේ දුවනවා.දෙහිඕවිට මන්ත්‍රීවරයාත් හම්බන්තොට පලබබාගේ පක්ෂයේ කෙනෙක්ද බලන්න