(ඩයනා උදයංගනී)
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් ජනතාව අනතුරු වළක්වා ගැනීමට පියවර ගත යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd