
(රංජන් කස්තුරි)
සති දෙකක කාලයක් දැඩි සංචරණ සීමා පැනවීමෙන් කොරෝනා රෝගීන්ගේ සඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියන්නීය.
මේ කාලය තුළ ජනතාව හැකි තරම් නිවෙස්වලට වී සිටිමින් හා හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවලට සහාය ලබාදිය යුතු බව ද පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
සති දෙකක දැඩි සංචරණ සීමා පැනවීමෙන් පසුව ලැබෙන දත්ත විශ්ලේෂණය කර ඉදිරි පියවර ගත හැකි බව ද වෛද්‍යවරයි සඳහන් කරන්නීය.
COMMENTS
ඔබතුමිය කියන කතාව නම් හරියටම හරි... ඒත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට ඔය ලැබෙන රුපියල් 5,000/ ඇතිද? එහෙම හිතන විට ඔලුව අවුල් වෙනවා නේද?
රට වහලා මිනිස්සුන්ට කන්න දෙන්නේ කවුද?
ඔව්. අපේ සමහරුන්ට ඇත්ත පේනකොට පරක්කු වැඩියි. මේක කලින්ම කලා නම් මෙලහකට රට සම්පූර්ණයෙන්ම ඇරලා. ප්‍රමාද වෙලා හරි මෙවැනි තීරණයකට ආපු එක හොඳයි.
ඕක තමයි ජනාධිපතිතුමා කිව්වේ අගුපිල් වල කියන්නේ නැතිව කෙලින්ම කියන්න කියලා. ඕක වේලාසනින් කරානම් මෙලහකට යම්කිසි තත්වයකට රට ඇවිල්ලා...