IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දූෂණ හොයන කොමිසම පත් කළාට අර්ජුනගෙන් ජනපතිට තුති

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් ඇමැති අර්ජුන රණතුංග මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පළකර ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවැති කැබිනට් රැස්වීමේදී අර්ජුන රණතුංග ඇමැතිවරයා ජනාධිපතිවරයාට ස්තූතිය පළකළ බව රජයේ ආරංචි මාර්ග කියයි.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති කබීර් හෂීම් මහතා ඉකුත් රජය සමයේ සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සිද්ධි 34කට අදාළ පරීක්ෂණ නිමකර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් නඩු පවරා නැතැයි සඳහන් කර ඇත.

ඊට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් නඩු පැවැරීම් කටයුතු සිදුකළ ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවද ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

එහිදී අදහස් දක්වා ඇති අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ අද (22) පැවැත්වීමට නියමිතව තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන චෝදනා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ වහාම අදාළ නඩු පැවැරීම කිරීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.



අදහස් (4)

දූෂණ හොයන කොමිසම පත් කළාට අර්ජුනගෙන් ජනපතිට තුති

ගල්කටස් Tuesday, 22 January 2019 10:30 PM

දූෂණය සොයා ගන්න පත් කලාට එවායින් කිසි ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ නීතිය තදින්ම නැමෙන නිසා

:       2       125

rocky Wednesday, 23 January 2019 01:42 AM

ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු එක දූෂණයක් හැටියට ගැනෙන්නේ නැද්ද?

:       179       95

sena Wednesday, 23 January 2019 04:51 AM

ඉස්සරහට තියෙන චන්ද වේදිකාවේදී කියන්න දේවල් හොයනවා ඊට වඩා දෙයක් මෙතන නැහැ

:       0       17

pathirana Wednesday, 23 January 2019 05:05 AM

පෙන්සන් එක අරගෙන නිදහසේ ඉන්න තිබිච්ච කාලේ උසාවි ගානේ රස්තියාදු වෙන්න හදනවා වගෙය් මට පෙන්නේ - මොකද ජනාධිපති තුමාගේ යටතේත් අමාත්යන්ස තුනකුය් ආයතන ගනනාවකුය් තියෙනවාලු

:       104       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site