IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දුෂ්කර පළාත්වල සරසවි සිසුන් 15 කට පාපැදි

(මනුල වික්‍රම)

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඇතුළු විවිධ දුෂ්කරතා  මැද අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට මිරිසවැටිය විහාරාධිකාරී හා රජරටව විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ අද (19) පාපැදි පරිත්‍යාග කළහ. මෙම  සිසු සිසුවියන් තෝරාගෙන තිබුණේ අනුරාධපුර නගරයට බොහෝ දුර දුෂ්කර පළාත්වලිනි.

විශ්ව විද්‍යාලයක කුලපති ධුරය දරන කෙනෙකු සිය විශ්ව විද්‍යාලයේ සිසුන් උදෙසා ප්‍රථම වරට මෙවැනි සුබසාධක කටයුත්තක් දියත් කිරීම මෙහි විශේෂත්වයයි.

කොළඹ ප්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක් වන  සාලිය නවරත්න පවුලේ පිරිස හා  හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ පවුලේ පිරිස ඇතුළු කණ්ඩායමක් මේ සඳහා අනුග්‍රහය ලබාදෙමින් එක්වූහ.  රුපියල් 30000කට ආසන්න වටිනාකමකින් යුතු පාපැදි 15ක්  පරිත්‍යාගයට ඇතුළත් වූ අතර මෙම දරුවන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මෙම දානය සිදු කෙරිණි.  ඊට සමගාමීව මහ සඟරුවන උදෙසා දහවල් දානමය පිංකමක් ද එහිදි සිදුකෙරිණි.



අදහස් (6)

දුෂ්කර පළාත්වල සරසවි සිසුන් 15 කට පාපැදි

Champa Saturday, 19 September 2020 01:47 PM

ඉතාම ඉහළින් අගය කළයුතු හොඳ කටයුත්තක්..!

:       0       64

Prabha Saturday, 19 September 2020 06:02 PM

අගය කළයුතු වැඩක්... දරුවනි, රටේ වගකිවයුතු තැනකට ආව දවසක මුල අමතක නොකර රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න හිතට ගන්න. ඔබ සැමට සුබ අනාගතයක්..!!! 

:       0       0

Ananda Saturday, 19 September 2020 06:54 PM

අපේ නායක ස්වාමීන්වහන්සේ ඉතාමත් දානපතියෙක්... මට මතකයි සුනාමියට පසුව අනුරාධපුර වෙළඳ සංගමයේ අාධාර අැතිව ලොරි 15ක පමණ ආහාරපාන සහ අත්‍යාවශ්‍ය දේවල් අරගෙන ත්‍රිකුණාමලයට ගෙන ගිය ගමන... එම ගමනට මගේ සමන් මල්ලිත්, මගෙ පුතාත් සහභාගි වුණු අවස්ථාවේදී දුටුව දේ උන්වහන්සේගේ තියන ශක්තිය සහ දිරිය. ඔබවහන්සේට මෙවැනි සමාජ මෙහෙයයන් කිරීමට ධෛර්යය, ශක්තිය ලැබේවා...!!! 

:       0       0

kamal Sunday, 20 September 2020 02:37 AM

දැන්ම ඉඳලා පිනට දීලා මේගොල්ලන්ව වහල්කමට පුරුදු කරගැනීම ඉතාමත්ම හොඳයි. එතකොට මේගොල්ලන් ලවා කතිර ගහගෙන අපේ බයියලාට බයිසිකලි නොවේ.., පැජරෝ වුණත් ගත හැකි...

:       0       0

Shanuka Sunday, 20 September 2020 03:00 AM

ඉතාම හොඳ කටයුත්තක්... දායකවුණු සියලු දෙනාටම පිං සිදුවේවා...! අනේ වරදවා තේරුම් ගන්නේ නැතුව තව පොඩ්ඩක් හිතන්න තිබුණා. මේ ළමයි ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්න හැටි දැක්කාම. මෙයාලත් රටේ පුරවැසියෝ වෙන්න ඉන්න තරුණ ළමයි, දුපත් කියලා ඔවුන්ගේ ආත්ම අභිමානය නැති කරන්න හොඳ නැත. මෙයාලා කවදා හරි, රටේ හොඳ වගකීම් දරන පුද්ගලයින් වේවි.. ඒක නිසා. ෆොටෝ නොගහ, අප්‍රසිද්ධියේ මේවා බෙදලා දුන්නම මේක තවත් හොඳයි නේද?

:       0       0

sharm warn Monday, 21 September 2020 04:28 AM

බොහොම උසස් පුන්‍යකර්මයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 362 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2160 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site