(එෆ්.අස්ලම්)
මම පැය 24ම ඉන්නෙ දේශපාලන වශයෙන් එන ප්‍රශ්න කන්දරාවක් එක්ක.මේ නිසා මට සාමාන්‍ය ප්‍රශ්න ගැන හිතන්න බැහැ මේ වෙලාවේ. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසදුමක් ලබා දෙන්නම් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ පැවසු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ සදහන් කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සුමන්තිරන්,සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අතර මෙම සාකච්ඡාව සදහා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා,නීතිපති දෙපාර්තුමේන්තුවේ හා පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ද කැඳවා තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටියේදී පොදු සමාව යටතේ නිදහස් කිරීමත්,තමන්ව ඝාතනය කිරීමට පැමිණි කොටි සාමාජිකයෙකුද පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගත් ආකාරයත් සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් ඉදිරි තෙසතියක කාලය තුළ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඇතුළු ආයතනවල නිලදාරීන් කැඳවා මෙකී ගැටළුව විසදාදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පවතින දේශපාලන අර්බුධකාරී තත්වය තුළ තමන්ට මෙකී සිරකරුවන්ගේ ගැටළුවට ප්‍රමුඛතාවක් දිය නොහැකි බවත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය හමුවේ අවධාරණය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
364
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ජනපති දෙමළ සන්ධානයෙන් කල් ඉල්ලා ගනී
දිමුත් Tuesday, 04 December 2018 08:38 AM
දැන් මේක කොටි නිදහස් කිරීමක් කියලා කෑගහන්න දේශප්‍රේමීන් නැතුව ඇති?
Samantha Tuesday, 04 December 2018 10:32 AM
පක්ෂ භේදයකින් තොරව මෙය නැවැත්විය යුතුය.