IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දේශපාලන පක්ෂ 4 ක් - ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දෙති

(රංජන් කස්තුරි)

මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අද (13) වනවිට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දී තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය කළුතර දිස්ත්‍රික්කයට සහ ගාල්ල දිස්ත්‍රික්කයටත් , ජන සෙත පෙරමුණ යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වලටත් නාම යෝජනා ලබාදී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට අමිත් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමක්ද , මාතලේ දිස්ත්‍රික්කයට චමින්ද සංජීව මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද , යාපනය දිස්ත්‍රික්කයට ආල්වාප්පිල්ලයි කුරුකලන් මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක්ද , පුත්තලම දිස්ත්‍රික්කයට හියුබට් රංජිත් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් සහ බදුල්ල දිස්ත්‍රික්කයට දේව්‍යලාගේ නන්දසිරි මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ද නාමයෝජනා බාරදී තිබේ.



අදහස් (1)

දේශපාලන පක්ෂ 4 ක් - ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දෙති

Champa Friday, 13 March 2020 03:50 PM

මොන ඡන්දද දැන්? ඡන්දෙ තිබ්බත් මිනිස්සු ඡන්දෙ දාන්න එයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඡන්දෙට කෝටි 1000ක් යනවා කියලා මැකෝ මාස ගාණකට ඉස්සෙල්ලා කියලා තියෙනවා දැක්කා. නිරෝධනයට පත් නොවුණු සියලු සංචාරකයින් නිරෝධනය කරන්න වුණොත් සහ ඔවුන් මුණගැහුණු සහ ආගිය තැන්වල සියලු දෙනා නිරෝධානය කරන්න ගියොත් ආණ්ඩුවට මුදල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා තියෙන මුදල් සීරුවෙන් පාවිච්චි කරන්න වෙයි සහ කොරෝනා නිරෝධනය සඳහා ජගත් සංවිධාන දෙන මූල්‍යමය සහ වෙනත් ප්‍රධාන අයැදුම් කරන්නත් වැඩ පිළිවෙලක් හදන්න වෙයි පරක්කු නොවී...

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site