(ක.ග.කරුණාරත්න)
තමන්ට දේශපාලනයෙන් විශ්‍රාම යෑමේ වුවමනාවක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
“මගේ සෞඛ්‍ය තත්වය බොහොම හොඳයි. ඒ නිසා තව හුඟක් රටට වැඩකරන්න පුලුවන්..“ යැයිද ජනාධිපතිවරයා පැවසීය.
‘පිබිදෙමු පොළොන්නරුව‘ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දිය ඉසිපතන පෙදෙසේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රජාශාලාව විවෘත කිර’මෙන් අනතුරුව එහි පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “දැන් සමහර අය හිතන්න පුලුවන් හෙට අනිද්දා ජනාධිපති ඡන්දයක් තියෙනවා. එතැන මම ඉල්ලනවයි කියලා දැනුම් දීලා නෑ. ඒකනිසා මේ මනුස්සයා මෙතනින් ඉවරයි කියලා හිතනවා ඇති. ලබන දෙසැම්බර් මාසෙන් පස්සෙ මම තවත් පියවරක් තියනවා. රටේ සංවර්ධනයට වගේම පොළොන්නරුව සංවර්ධනයට අලුත් වාර්තාවක් පිහිටුවන්න..“ යැයි පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ? පිනක් දහමක් කරන්නේ නැතෙයි. ඔබ දැන් අවලංගු කාසියක්...
ඉඳලා ඉවරයි
අම්මෝ හොඳටම ඇති... දැන්වත් යන්නකෝ..!!!
ඕනෑම රැකියාවකට විශ්‍රාම යාම සඳහා වයස් කණ්ඩයක් ප්‍රකාශයට පත් කර ඇති රටක, මේ අයට පමණක් එම ප්‍රකාශය අදාල නැත.
තව හුඟක් රටට වැඩකරන්න කලින් මෙච්චර කල් කළේ මොනවද කියල කියනවද?
අරමුණ පැහැදිලියි එක්කො කථානායක නැත්නම් අගමැති වීම.සජිත් ආවොත් අගමැති ගොඨාභය ආවොත් කථා නායක වීම අරමුණයි. ඔබතුමා ජනාධිපති වරණයට කෙසේ වෙතත් මහමැතිවරණයට තරග කරන්න එතකොට තේරේවි ජනතාව තුල ඔබට ඇති කැමැත්ත අකමැත්ත ගැන .නියත වශයෙන්ම ඔබතුමාව ජනතාව විසින් විශුාම ගන්වනවා
ඔබතුමාගේ තීරණය අගය කරමි,
රනිල්ට 25ස් වසරක් පැරදී පැරදී ඉන්න පුලුවන් නම්, මහින්දට 14 වසරක් පැරදී පැරදී ඉන්න පුලුවන් නම් සිරිසේන මහත්තයා හිතනවා ඇති 5හෙන් මොකටද නවතින්නේ කියල. සාධාරණයි එහෙම බැලුවහම..
ඔයාට උවමනාවක් නොතිබුනාට රට වැසියන් වන අපිට නම් ඔයාව ඕනෑම නැහැ කට හඩ ඇහෙනකොටත් අප්පිරියයි අපි ටී.වී. වහනවා දකිනකොට. ඉක්මනින් යන්නකෝ අපිට පවු නොදී
ප්‍රවෘතියට දක්වලා තියෙන ප්‍රතිචාර වලින්ම තේරෙනවා නේද
සමන්ත ඔව්.ඔව්. විශ්‍රාම යන් නෑ. හිරේ යනවා.
අපට නම් දියවන්නඔයේ හැලි වදුරන් 225 ම මේ මොහොතේම විශ්‍රාම ගියත් කමක් නැහැ කිසිදු විශ්‍රාම වැටුපකින් හෝ කිසිදු දීමනාවකින් තොරවම.
කිසිම දේශපාලකයෙක් විශ්‍රාම යන්නේ නැත. සිදුවන්නේ මහාජනතාව විසින් ඔවුන් විශ්‍රාම ගැන්වීමය.
මගේ සෞඛ්‍ය තත්වය බොහොම හොඳයි. ඒ නිසා තව හුඟක් රටට වැඩකරන්න පුලුවන්..“ යැයිද ජනාධිපතිවරයා පැවසීය. කරපු එකක් කියන්න බලන්න නොදන්නා කමට අහන්නේ. ඇස්බස්ටෝ නතර කලා, මයිලෝ, හරක්මස් පිටරටින් ගෙනාවා, කුඩු කාරයෝ එල්ලුවා, තව කීයක් දේවල්නම් කළාද නේද අනේ මෙහෙම තන්නහාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.
යන්න උවමනාවක් නැති උනාට " එක්ක එන්න එපා අලුත් පක්ෂ හදන්න. බලමුකෝ අලුත් පක්ෂ හදන හැටි " වාචාල කතා කිය කියා පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න වැඩ කරපු කිසි කෙනෙකුට විනයානු කුලව ක්‍රියා කරන්න කොන්දක් නැති කම නිසා පොහොට්ටුව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හරින තුරු බකන් නිලාගෙන කයිය ගහපු එකට පාක්ෂිකයින්ම මෙසැරේ ගෙදර යවයි මහත්තයෝ. බලාගෙන ඉන්න.
විශ්‍රාමයාමට අකමැති ඒ ඔබේ කෑදරකමට. වෙලාව ආවිටදී කාටත් නෑ බෑ කීමට පුලුවන්ද.. තණ්හාව තුරුස්නාව අප හැම ජිවත්කරයිනේ .. එනමුත් අටලෝදහම එය නොව බව නොදන්නේද
මෙතුමාගේ ගමනට කිසිඑකෙක් විශේෂයෙන්ම යහපාලනයට සම්බන්ඳ රනිල්, රාජිත,වැනි අය සහ රටට වැඩකරන්න්න තමන්ගේ ආණ්ඩුවකින් පමණක් සුදානම් මහින්ද මහතා වැනි අයත්, මහින්ද මහත්තය කන විමල්, ගමන්පිල උදව් කලේ නැහැ. එය අපේ අනාගත පරම්පරාවට කල ලොකුම හනියයි එය යලි නිවැරදි කල නොහැක
අනේ අපොයි අපට සැනසීමක් ඇත්‍ෙත් නැද්ද
මේ අවස්ථාවේ මූලික අරමුණ විය යුත්තේ නව ලිබරල්වාදී කණ්ඩායම පරාජය කිරීමයි.. ඒ සමඟ රටට දේශීය දැක්මක් සහිත වැඩපිලිවෙලක් පවතින අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ ඡයග්‍රහණයයි. මේ අවස්ථාවේදීවත් රට වෙනුවෙන් සියලු මතභේද පසෙකලා එක්විය යුතුයි. එසේ නොවුනොත් අනාගතයේදී සිංහලයාට මේ රට අහිමිවනු ඇත.
ඔබතුමා හරි.., විශ්‍රාම නොගිහින් තවතවත් මේ ජාතියට විහිළු සපයන්න ශක්තිය, ධෛර්යය ලැබේවා..
කරුමේ.... ලැජ්ජා නැතිව කියන හැටි.
පුරුවේ කළ පින් අපට කොහින්දා /
ඔබ තුමා කිවුවෙ නැද්ද තව අවුරුදු හතරක් ඉන් කියල
වැරදි වෙලාවේ වැරදි තැනක හිටපු පිනකට වැරදි පට්ටමක්පන්ගර්තු කරපු පිනකට, රටම ආගාධයකට අද දැමූ මහත්තයෝ දැන්වත් යන්න
තමන්ට දේශපාලනයෙන් විශ්‍රාම යෑමේ වුවමනාවක් නැති වුණත් ඒ රකියාව එක කරන්න රටේ ඡන්ද දායකයට වුවමනාවක් තිබෙන බව ලොක්කා දැන ගන්න එක ඇඟට ගුණයි ! [“මගේ සෞඛ්‍ය තත්වය බොහොම හොඳයි"] කවුද එහෙම නැතෙයි කියන්නේ ? මුහුණේ තෙල් පාට හොඳට පේනවා. 20ක 30ක කොල්ලෙකුගේ වගේ කොන්ඩෙත් ඩයි පිහිටෙන් කළුපාටින් දිලිසෙනවා. ඔය කාරණා "ජනාධිපති කොල්ලන්ගේ" හිතට එන දේවල් නේ.... කමක් නැහැ තව සති කීයද තියෙන්නේ ?
ඔබ ඔහොමම බලයේ ඉන්න. අපිට පමණක් නොවේ, සිංහල ජාතිකයන් වුවමනා වන්නේ මෙරට සිංහල නායකයින්ගෙන් බේර ගැනීමටයි. සිංහල පොහොට්ටුවේ අය අයි සිංහල මිනිස්සු පිඩාවට පත්කරලා වර්ජන කරන්නේ. මුස්ලිම් දෙමල අපි එකට එකතු විය යුතු කාලයයි. මේ. ශ්‍රී ලංකාවේ නායකයෙක් අප අතරින් පත්කර ගත යුතු කාලයයිමේ.
දේසපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට ඒ සඳහා වි්ද්‍යා පද්දතියක් ආරම්භ කර උපාධියකට යටත් කළ යුතුයි . බණ්ඩාරනායක වගේ ජාත්‍යන්තරයට ඇමතීමේ පුළුවන්කම හැකියාව අනිවාර්ය දෙයක් .එවිට මේ වගේ මෝඩ කඳන් දෙසපාලනයට මතුවෙන්නේ නැත .කරුණාකර බලන්න මේ ඉන්න සියලුම නායකයන් ගෙවල් හදලා දෙනවා විශ්‍රාම හදලා දෙනවා තුන් වේළම කන්න බොන්න දෙනවා සපත්තු දෙනවා වගේ දේවල් කියනවා පමණයි ඒවා කරන්න වෙන්නෙත් රජයේ තිබෙන දේශීය සම්පත් මගිනුයි . නමුත් විදේශීය මුදල් මැවීමට උපකාරී වන රටට විදේශ විනිමය ලැබෙන කිසිම ප්‍රතිපත්තියක් මේ දේසපාලන අපේක්ෂකයන්ගෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ නේද ? අපිට දැනගන්න ලැබුනේ පාර්ලිමේන්තුවේ තිබෙන ටැබ් පරිගනකයවත් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති මැති ඇමති වරුන් පිරිසක් ඉන්නේ ඒක නිසා එයට ඔවුන් අතවත් තියන්නේ නැහැ කියලයි .
සෞඛ්‍ය තත්වය බොහොම හොඳ වුණාට, මානසික තත්වය නම් බින්දුවයි.
ඔයා තවත් මහන්සිවෙන්න එපා අනේ... පිහිටුවලා තියෙන වාර්තා හොඳටම ඇති...!
තණ්හාය ජායතී සෝකෝ... දිනක මෙය ඔබට පසක් වනු ඇත. එදිනට ඔබේ මුළු ආත්මය කඩා වැටෙනු ඇත. ඒ පශ්චාත්තාපය දරා ගන්නට බැරුව ආත්මේ මිය යන විදිය අත්දකිනු ඇත.
තෙරුවන් සරණයි...!!!
අපිට මතකනේ දින 100 කතාව... දැන් නම් කව්රුවත් ඔය කියන දේවල් සත දෙකකටවත් ගණන් ගන්නේ නෑ. අලුත් අයට බාර දීලා පැත්තකට වුනොත් නරකද?
කෙනෙක් ලංකාව කියලා හම්බන්තොට සංවර්ධනය කරා.. තව කෙනෙක් ලංකාව කියලා හිතාගෙන පොලොන්නරුව සංවර්ධනය කරනවා. අනේ අපේ ගං වලට කාගේ පිහිටක්ද?
සමහර රජයේ සංස්ථා, මණ්ඩල සේවකයෝත් විශ්‍රාම යන්න කැමති නැහැ. තව පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඔයාටත් ඉන්න හිතුණාට, අපිට නම් ඔයා ඇති වෙලා. ඔයා දේශපාලනයේ ඉන්නවද? නැද්ද? යන්න තීරණය කරන්නේ අපි...
අපි අදයි දන්නෙ දේශපාලනයක් කරන බව. ඔය කරන කියන දේවල්ද ඇත්තටම දේශපාලනය කියලා හිතාගෙන ඉන්නේ...? දුප්පත් මිනිසුන් හා රට වෙනුවෙන් යෙදවීමට ඇති මුදල් වලින් පවුල් පිටින් ඇති තරම් රට සවාරි ගහන්න හිරිකිතයක් එහෙම නැතිද ?
ඔබගේ සෞඛ්‍ය තත්වය හොඳ වුවත් ඔබ ඇතුලු පක්ෂ - විපක්ෂ නඩය ලක් මෑණියන් සදාකල් රෝගීයකු කළා. ජනතාව ඔබව විශ්‍රාම ගන්වාවි.
ඔබ නොගියොත්, ජනතාව ඔබව විශ්‍රාම ගන්වලා ඉවරයි.
විශ්‍රාම යනවා නම් බොහොම හොඳයි. රටට කළ හදිය හොඳටම ඇති.
අම්මෝ... එනපොට හොඳම නැහැ. කියන තැනකට වඳින්නම්. ආපහු පොලොන්නරුවටම යන්න. ගිහින් උණුවතුර ටිකක් නාලා පිනක් දහමක් කරගෙන ඉන්න. ආයිත් නම් ප්‍රාදේශීය සභාවකටවත් එපාමයි.
මෙතන තියෙන්නේ නිරෝගි බවේ වැරැද්දක් නෙමේ. ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට බියගුලුවීමේ රෝගය... දැන් ජනාධිපති වෙන්න දඟලන අයියලව හිරේ අරිනවා කියලා ආවේ. දැන් ඒ අය අලුත් පක්ෂත් හදාගෙන රජ වෙන්නත් දඟලනවා. ගහන තුරුම්පුවක් ඉක්මනට ගහන්න. නමුත් දිනන්න පුළුවන් පොහොට්ටුවත් එක්ක එකතු නොවුණොත්... එකතු වුණොත් ලොකු ලැජ්ජාවක්. මතකයිනේ කට්ටිය අාප්‍පයා කියලා බැනපු හැටි.... දියයටින් ගින්දර. ගෙනියන්නේ නැතිව, මුහුණට මුහුණ තරගයට ඇවිත් පොහොට්ටුව කඩලා විනාශ කරන්න..
ඔබ යන්නැති බව ජනතාව දන්නවා. ජනතාව ඔබෙන් ඇත්වී හමාරයි.
බුදු අප්පොච්චියේ ආපහු නම් එන්න එපා ඔය මලක් පහනක් පොලොන්නරුව පැත්තේ විහාරෙකට පූජා කරගෙන ජීවිතේ ඉතිරි කාලේ ඉන්න ඔබතුමාත් මේ රටේ හිටපු, ඉන්න, අනිකුත් හාදයෝ වගේම තමයි. පොඩි වෙනසකට තියෙන්නේ ඔබතුමාට ඕනදෙයක් කියල පත්තරවල, මාධ්‍යජාල වල බනින්න පුළුවන්. මේ සමහරවිට එහෙම පුළුවන් අන්තිම ජනපති වෙන්නත් පුළුවන් මොකද දැන් ඉතින් සුදු ඇඳන්, මල්වට්ටි අරන් ආවට කාගේත් අතීතය අපි දන්නවා නොවැ.. රිචර්ඩ් සොයිසලා, අර "හදිසි අනතුරකින් " අකාලයේ මිය ගිය ඡායාරූප ශිල්පියා එහෙම මරුන හැටි රහසක් නෙමෙයි නොවැ.
පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න ඔබට කිසිම බාධාවක් නැහැ.
බුදුඅම්මෝ රට ගැන හිතලා යන්න මගේ අප්පෝ..!!!
ඔබතුමා යන්න අකමැති වුණාට ජනතාව ඔබතුමා විශ්‍රාම යවයි.
මහින්ද මහත්තයත් ජනාධිපතිවරණයෙන් පැරදුණත් විශ්‍රාම ගියේ නැහැනේ?. ඔබතුමා ජනපතිවරණයෙන් පැරදුනේ නැතුව දිගටම දේශපාලනය කිරීම නම්බුවත්, ගෞරවයත් ආරක්ෂා වෙනවා. ඒක නිසා ඔය තීරණය සුදුසුයි...
ඉතිහාස ගතවන වැඩවලින් බිඳක්. 1. තමන්ගේ මහ බැංකුවට තමන්ම කෙලීම 2. රාජ්‍ය අනුග්‍රහයෙන් 290ක් පරලොව යැවීම 3. බුද්ධි අංශයට කෙලවීම 4. කහ සිවුරට රණවිරුවාට වැඩිම කෙණෙහිලිකම් කළ ආණ්ඩුව 5. හම්බන්තොට වරාය වගේ රටේ අනාගත ආයෝජන සියල්ල එදා වේල වෙනුවෙන් කුණු කොල්ලයට විකුණන් කෑ ආණ්ඩුව 6. වැඩිම බදු බරකින් රටවැසියා පෙළපු ආණ්ඩුව 7. කලිං ආණ්ඩුව පටන්ගත්තු වැඩ ටිකවත් ඉවර නොකළ කිසිම අළුත් වැඩක් කිරීමට නොහැකි වූ ආණ්ඩුව 8. රටම කැඳ හැලියක් කළ ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව...
ලංකාව කියන්නේ පොලොන්නරුව පමණක් නොවේ. ඔබ රටටම ජනාධිපති. ඒ වුණාට කැමැත්ත පොලොන්නරුවට විතරයි. පොලොන්නරුව විතරක් දියුණු කරලා රට දියුණු කරන්න බැහැ.
දැන් ඉතින් රටට කොළා මදැයි? කමක් නෑ. පොළොන්නරුවට යමක් කරගෙන හිටියට අපට ප්‍රශ්නයක් නැත...
හිටපු ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත්වන්නේ අපේ රටේ පමණක් යයි මා සිතනවා. ජනපති කෙනෙකුට වුණත් තණ්හාව ආසාව කියන එක හොඳයි කියන එක මෙයාගේ කතාවෙන් තේරෙනවා.
පෙරේතකම ඇති, ඒත් අපි ගෙදර යවනවා.
කොහොම විශ්‍රාම යන්නද? කරපු පව් විඳවන්නත් එපැයි. යුක්තිය ඉවර වූ පළමු පැයේදීම දැනට දමා ඇති නඩු වලට යන්න වෙනවා. මහ දවාලේ ව්‍යවස්ථාව කඩලා වැරදිකාරයා කර දැනටමත් තීන්දුව දී ඇති දින 52 කේ අවුලට ඇතුළට යන්න වෙනවා. එහෙදී ඕනෑනම් විශ්‍රාම හෝ නිවන් ගියහැකි ඉක්මනටම. රටම අවුල් කරලා තව ලජ්ජා නැතිව නං දොඩවනවා.
බෙහෙතකටවත් ඔයාව නම් එපා...
ඒ වුණාට මහත්තයෝ ඔබතුමා විශ්‍රාම යවන්න රටේ ජනතාව නම් කෙල හලහලා බලාගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ. දූෂණය නැති කරනවා කියලා බලයට ඇවිත් දූෂණ චෝදනා ලබපු කට්ටිය එක්ක ආණ්ඩු පිහිටුවන්න නීතියට පිටින් ගිහිල්ලා ගත්තු උත්සාහය කාටද අමතක? ඔබතුමා බලයට පත්කළ රනිල් වික්‍රමසිංහ එක්ක ඇතිකරගත් අරියාදුව නිසා පොරොන්දු සියල්ල අමතක කර දමලා රනිල් ඉවත් කිරීම සඳහා මුළු කාලයම ගත කරපු අන්දම මිනිස්සු දන්නේ නැහැ කියලා හිතන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කරමින් පොහොට්ටු පක්ෂය නිර්මාණය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියෙන කාටවත් විනයානුකූලව කටයුතු කරන්න කොන්දක් නෑ කියලා නේද දැන් චෝදනාවක් එල්ල වෙන්නේ? මේ මැතිවරණයේදී ඔබතුමා මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිදෙනා පොහොට්ටුවට හෙත්තුවෙන එක නවත්වන්න බැහැ අපේ මහත්තයෝ. එ්කයි තිත්ත ඇත්ත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 4 % දක්වා පල්ලම් බැහැලා තියෙන එකේ ඒ ටිකෙන් විතරක් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුලුවන් වේවි කියලා හිතන්නත් අමාරුයි.
රටේ ඉතුරු ටිකත් කාලා ඉවර කරලාම යන්න
ලංකාවට විශාල අපල කාලයක් ලබලා තියනවා. නොවැම්බර් ග්‍රහ මාරුවෙන් පස්සේ ඉදිරි කාලය වඩාත් දරුණුයි කියලා කවුදෝ ජෝතිශ්‍යකාරයකුත් කියලා තිබුණා වගේ මතකයි.
තවත් ගිනි තියන්න දෙයක් නැහැනේ... සර් දැන්වත් ඉතින් යන්න..
අම්මේ... එහෙම ගිහිල්ලා කොහොමද මයෙ අම්මා...
දේශපාලනයෙන් විශ්‍රාමයන්න ආසාවක් මට නැහැ...
ඔලුව පිටින් නම් හරියට පීරලා තිබුණට ඔලුව ඇතුලේ මෙලෝදෙයක් නැහැ. ඔක්කොම අවුල් කරලා තියෙන්නේ...
මේ දාලා තියෙන අදහස් ටික දැක්කනං... මගේ අම්මේ රෙද්දක් ඇඳන් නම් ඉන්න හිතෙන්නේ නෑ...
හාල් බිස්නස් එක පටන් ගන්නකෝ... !!!
ඔව් ඔව්.. අපි දන්නවා.. තව පවුලේ වැඩ කටයුතු ටිකක් එහෙම තියෙනවනේ කර ගන්න..