IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක්

(විනීතා එම් ගමගේ)

දේශපාලනිකව අනාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සකස්කළ අන්තර් ජාලීය තොරතුරු ලේඛනය අද (26) දියත් කරනු ලැබීය.

www.peps.lk  වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු ලේඛනයට පිවිසිය හැකිය.

මෙරට දේශපාලනයේ සංකිර්ණතා පිළිබිඹු කරන වැදගත් මෙවලමක් ලෙස මෙම ලේඛනය භාවිතාවනු ඇතැයි තම ආයතනය විශ්වාස කරන්නේ යැයි නිපෝන් හෝටලයේ අද (26) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර මහේෂි හේරත් මහත්මිය පැවසුවාය.

දේශපාලනිකව අනාවරණය වූ පුද්ගලයෙක් යන්න මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් නිර්වචනය කර ඇත්තේ රටේ ප්‍රමුඛතම මහජන කාර්යයන් භාරදී ඇති පුද්ගලයෙක් ලෙසින් යැයි කී හේරත් මහත්මිය ඔවුන් හොබවන තනතුරු හා ඔවුන්ට සිදුකළ යැකි බලපෑම හේතුවෙන් බොහොමයක් දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයන්ගේ තනතුරු දූෂණය හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාවන් සඳහා අවභාවිතා වීමේ නැඹුරුතාවයක් පවතින බව හඳුනාගෙන ඇතැයි ද කීවාය.

මෙම දත්ත ලේඛනයේ පුද්ගලයින් හා ආයතන 2323 කගේ තොරතුරු ඇතුළත් වන අතර දේශපානඥයින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, හමුදා නිලධාරින් විනිසුරුවන් හා රාජ්‍ය ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරින් ද ඒ අතර වන බව ද ඇය කීවාය.

කෙසේ වෙතත් මෙම දත්ත ගබඩාවෙන් අදහස් වන්නේ එහි සියලු දෙනා වැරදි ක්‍රියාවන්හි නිරත වන බව නොවන්නේ යැයි ද ඔවුන් ප්‍රමුඛ රාජ්‍ය සේවයේ පිළිඹිබුවක් වන බව යැයි පැවසූ ඇය මෙහිදී මහජනතාවට ඔවුන් පිළිබඳ දැඩි අධීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ඇති බව ද සඳහන් කළාය.

මෙම තොරතුරු ජනතාව හමුවේ තැබුවේ තොරතුරු  දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළ ඉල්ලුම්පත් 88 ක් යොමුකිරීම හරහා ලබාගත් තොරතුරු මගින් වන අතර රාජ්‍ය ව්‍යවසායයන් ජාලය හඳුනා සිතියම් ගතකර ඒවායේ විධායක නිලධාරින් සහ උපව්‍යුහයන් හඳුනාගන්නා එකම දත්ත ගබඩාවද මෙය වන බව ද හේරත් මහත්මිය කීවාය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනි ලක්ෂ්මී ජයශංඛර් මහත්මිය ද මෙහි දී අදහස් දැක්වූහ.

 

 

 



අදහස් (2)

දේශපාලනිකව අනාවරණය වන පුද්ගලයින් ගැන වෙබ් අඩවියක්

Mahee Tuesday, 26 November 2019 02:57 PM

දේශපාලුවන්, රජයේ නිලධාරීන් සමග රටක් හරි පාරේ යවන්න ජනතාව වන අපට ලැබෙන ඉතාම හොඳ අවියක් මේක. ට්‍රාන්ස්පේරන්සි ආයතනයට බොහොම ස්තුතියි!

:       0       31

Sam Tuesday, 26 November 2019 06:03 PM

මම මේ දැන් වෙබ් ලින්ක් එකට ගිහින් බැලුවා. ඒකේ ඇති දෙයක් නෑ මේ කියන තරම්. ඊට වැඩ විස්තර තියෙන wikipedia වෙබ් අඩවියේ. තවත් සුදු අලියෙක් වගේ

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 453 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site