(ඩයනා උදයංගනී)
දේශපාලන හා ආර්ථික නිදහස ළඟා කරගන්නාක් මෙන්ම අනාගතයේදී දේශගුණික විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතු බව යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ සඳහා වහාම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු බව කී ඇමැතිවරයා මෝසම් වර්ෂාව ප‍්‍රමාදවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලූවලට මුහුණදීම සඳහා රට තුළ කාලගුණික හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කළ යුතු යැයිද ප‍්‍රකාශ කළේය.
නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මාසයේ සිට ලැබීමට නියමිතව තිබුණත් එය පමාවීම හේතුවෙන් ඉදිරි මාස තුන තුළ රටෙහි පානීය ජල ගැටලූවක් මෙන්ම කෘෂිකර්ම සහ විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන්ද ගැටලූ ඇතිවිය හැකි බව ඇමතිවරයා සඳහන් කළේය.
මෝසම් වැසි අඩපණ වුවහොත් රට දුෂ්කර තත්ත්වයකට මුහුණපාන බව ද ඇමතිවරයා කීවේය.
කාලගුණ හා දේශගුණ විපර්යාස හේතුවෙන් සමස්ත ලෝකයම බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා සිටින බවද ඇමති පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පවතින පානීය ජල ගැටලූව විසඳා නොගතහොත් ඉදිරි දශක තුන තුළ ජීවත්වීමට සුදුසු නොවන රටක් බවට පත්වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නගරය හරිත නගරයක් බවට පත්කිරීමේ අරමුණින් අපේ ගම පරිශ‍්‍රයේදී පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.
COMMENTS
ඒ කාලේ කාන්තා වැසිකිලිවලට එබී බලපු හැටි අමතකද...?
"දේශගුණයට" ඉස්සර වෙලා " දේශපාලන විපර්යාසවලින්" නිදහස් වන ආකාරයත් සිතා බලන්න වටිනවා.
මේ වගේ රට කාබාසිනියා කරන දේශ පාලුවන්ගෙන් නිදහස් වෙන අකාරයක් ගැනයි අපි හිත හිතා ඉන්නේ මහත්තයෝ .
මේ මහත්තයාගේ උගත් කම තඹේකට වැඩකට නැතිව ගියා වෛරී සිතුවිලි සහ නිවට කපටි කම් නිසා. දේශපාලන කුණු බක්කිය මොහුට හිමි තැනයි.
වාහන දුම් පරීක්ෂාවක් කියලා එකක් පටන් අරගෙන මිනිස්සුන්ගෙන් බදු සල්ලි අය කරගෙන ඒ කාලේ රාජපක්ෂ ආණ්ඩුවට නිකම් සල්ලි හොයල දෙන්නයි කොම්පැනි පොහොසත් කරන්නයි විතරයි කලේ. ඒ සල්ලි වලින් රටේ පරිසරය රැක ගන්න නම් සත පහක වැඩක් මේ පුද්ගලයා කලේ නැහැ. වායු ගෝලයේ කාබන් අඩු කරගන්න එක ගහක්වත් වවන්න ව්‍යාපෘතියක් කලේ නැහැ.
අනාගතයේ ?? ඇත්තටම පෙනෙන්නේ නැද්ද දැනටම වෙලා තියෙන විපිරියාස ? තව වනාන්තර එලි කරන්න , හැම ස්වභාවික පාරිසර පද්ධතියක ම හෝටලයක් දෙකක් අටවන්න (සංචාරකයෝ .. එනවා නම් ආපුදෙන් .. කොමිස් කුට්ටිය ගත්තට පස්සේ මොකක් උනාම මොකද ) පොළොවට ඔරොත්තු නොදෙන තරමේ සුපිරි නිවාස සංකීර්ණ , අහස සුරන ගොඩනැගිලි හදන්න , ඒවායින් පරිසරයට කරන හානිය තුට්ටුවකට වත් හිතන්න යන්න එපා. (කොමිස් කොමිස් .. ඒක තමයි වැදගත් ) .. ඉන්න ගමන් මේ වගේ අපිට කදුළු ඇවිත් හොටු බේරෙන කතාවක් දෙකක් කියන්න. (චන්දෙත් එනවනේ ..) එතකොට සේරම හරි ..
ඔබතුමා වගේ සට කපට දේශ පාලුවන්ගෙන් මහජනතාව නිදහස් කර ගන්නා ආකාරයක් ගැනයි මම මේ හිත හිතා ඉන්නේ.