(විනීතා එම් ගමගේ)
මෙම දශකයේ සිදුවන පළමු චන්ද්රග්රහණය හෙට (10) රාත‍්‍රී 10.37 සිට අලූයම 2.42 දක්වා පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කියයි.
වුල්ෆ් මූන් ලෙසින් ඇමෙරිකාව නම් කර ඇති මෙම චන්ද්‍රග‍්‍රහණය හේතුවෙන් ඇසට පෙනෙන ආලෝකය අඩුවීමක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට පැහැදිලිව නොපෙනෙනු ඇතැයි ද එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම චන්ද්රග්රහණය ඕස්ටේරලියාවට හා තවත් යුරෝපීය රටවල් කිහිපයකට පැහැදිලිව පෙනෙන බවත් ආසියානු රටවල් කිහිපයකට ද තරමක් පැහැදිලිව පෙනෙන බවත් කී එම ප‍්‍රකාශකයා චන්ද්‍රයාගේ ආලෝකයේ මද අඩුවීමක් ලෙසින් පමණක් මෙම චන්ද්‍රග‍්‍රහණය හඳුනාගත හැකි බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට හඳ නොපෙනෙන වෙලාවට හොඳට තරුපේනවා. ඒ හින්දා ශ්‍රී ලංකාවට හඳ නොපෙනීම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.