(මනෝප‍්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට ලබන 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පෞද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය දීමට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බවට ඔවුන් චෝදනා ලැබ සිටී.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර ඔවුන්ට බාරදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඔවුන්ට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පියදාස දිසානායක මහත්වරුන්ටය.
මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට අවසර දෙන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන්ට එරෙහිව විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
833
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැව සංස්ථාවේ සභාපති - ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානීට සිතාසි