(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි ලෙස හෙළා දැකීමටත් ඉරුදින රාත්‍රී 12.00 ට අයිපල් කුළුනේ සියලුම විදුලි ආලෝකය නිවාදමනු ලැබිණ.
මේ අතර පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ 21 වෙනි දින රාත්‍රියේ අයිපල් කුළුණ පරිශ්‍රයේදී සාමකාමී උද්ඝෝෂණණයක් පැවැත්වූහ.
ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගස්යායේ ඥාාණිස්සර හිමි, පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කෝ. ආනන්ද හිමි ඇතුලු ස්වාමීන්වහන්සේලා හා ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
ගොඩක් දුකයි. අපි හැමෝම මේ වෙලාවෙ එකට ඉන්න ඕන. කාටවත් බැනලා වැඩක් නෑ. මේවා අපේම වැරදි .....
ඕක කළුවර කළාට විතරක් මදි..., අපිට ජාත්‍යන්තරව නැගී සිටීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය (ජිනීවා ප්‍රශ්න වලදී , යුරෝපයට යවන භාණ්ඩ වලට දෙන බදු සහන, අපේ අධිකරණවලට අවශ්‍ය කරන පිටරටවල සැඟවී සිටින වරෙන්තුකරුවන් මෙරටට ලබාදීම වැනි වැනි දේ) ඉදිරියට කොන්දේසි විරහිතව ලැබිය යුතුය.
අපේ රටේ ශෝක දිනයක් වත් ප්‍රකාශ කරලා නැ
අනේ බනින්න එපා.... සංහිඳියාව නැතිවේවි...!!!
මොනවා උනත් පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ තමයි මොනවා හරි ඉස්සර වෙලාම කරන්නේ
අපේ රට අවුරුදු 30ක් කළුවරේ හිටියා.. ඒ කාලේ ඔය අයට දැනුනේ නැහැ.. දැන් මොකද මේ?
සිය දහස් ගණනින් බෞද්ධ ජනතාව ඝාතනය කරන කාලෙ නිවුන් නැති ලයිට් දැන් නම් නිවන්න දන්නවා.