(ටී .එච්. සරත්)
තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයෙන් පැහැරගත් රත්රන්වලින් කොටසක් සමග සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය අද(26) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයන් ඊයේ(25) දේවාලයේ කපු මහතා බැඳ දමා රත්රන් සහ මුදල් පැහැරගෙන ගොස් තිබිණි.
ගම්පොල නානුඔය ප්‍රදේශයේ දී කළ වැටලීමකින් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.අසේල)


COMMENTS
හොරු පනින එක අහන්න දෙයක්ද? ඔය අර ඉහේ ඉදන් පාදන්තෙට වෙනකන් මනිමෙකලාවක් දැම්ම වගේ රත්තරන් පෙරෝගෙන ඉන්න කපුවාගේ දේවාලේ නේද? සෝම එදිරිසිංහ මහත්මිය ඉන්න කාලේ නම් හොදට ජයට හිටියා ඒ කපු මහත්තය...... දැන්නම් කාලෙකින් කරලියට වැඩියේ නැහැ... රත්තරන් විතරද අරන් ගිහින් තියෙන්නේ... අර පිත්තල පහන් එහෙම උස්සන් ගිහින් නැද්ද?
දෙයියන්ට මොකටද රත්තරන්? මට වැරදුනා. දෙවිකෙනෙක් උනත් කාන්තාවක්නේ. රත්තරන් වලට ආස නැති කාන්තාවෝ ඉන්නවද?
මිනිස්සු නැතිවෙච්ච දෙවල් හොයන්න දේවාලෙට යනවා. කපුවා නැතිවෙච්ච දේ හොයන්න පොලිසි යනවා. ලංකාවේ කපුවොයි ජොතිෂ්‍ය කාරයොයි දෙගොල්ලන්ම හොරු.
දැන් කපුවා තවත් මාර්කට් වෙනවා - කාලී මෑණියෝ හොරුන්ට දඩුවම් දුන්නා කියලා.
මිත්‍යා දෘෂ්ඨික මෝඩයින් කොච්චර ඉන්නවාද කියලා හිතගත හැකියි ඉතින් රත්තරන් අභරණ ප්‍රමාණය දැක්කහම. හොදින්ම දන්නවා දෙවියන් දෘශ්‍යමාන නොමැති බව. ඇයි මේ දෘශ්‍යමාන දේවල් පුජා කරන්නේ? තම තමන්ගේ විශ්වාසයන් හා දුක් ගැනවිලි ගැන තමන් විහින් නොකියා කොහෙවත් නැති කෙනෙකුන් ලවා කියවන්න යන්නේ ඇයි? ඔය කියන මනුස්සයා කියන තරම්ම බලගතුනම් මොකටද සාමාන්‍ය ඔබ අප වැනි නැති බැරි අයවලුන් යන පොලිසියේ පිහිට පැතුවේ? තමන් සතු බලයෙන් රන් අාභරණ ආපහු ලබාගන්න තිබුනනේ. වැඩෙත් ඉවරයි. පොලිසියේ උසාවියේ කාලෙත් ඉතුරුයි. රටේ ජනතාවගේ මුදලුත් ඉතුරුයි. අනික දෙවියන් අනේ ඉතින් මේකනම් ශ්‍රී ශ්‍රී ශ්‍රී ලංකාවක්ම තමා. මිත්‍යා දුෂ්ටික මෝඩයින් කොච්චර ඉන්නවාද කියලා හිතගත හැකියි ඉතියන රත්තරන් අභරණ ප්‍රමාණය දැක්කහම. කිලෝ ?හොදින්ම දන්නවා දෙවියන් දෘශ්‍යමාන නොමැති බව. ඇයි මේ දෘශ්‍යමාන දේවල් පුජා කරන්නේ? තම තමන්ගේ විශ්වාසයන් හා දුක් ගැනවිලි ගැන තමන් විහින් නොකියා කොහෙවත් නැති කෙනෙකුන්ලවා කියවන්න යන්නේ ඇයි?. ඔය කියන මනුස්සයා කියන තරම්ම බලගතුනම් මොකටද සාමාන්‍ය ඔබ අප වැනි නැති බැරි අයවලුන් යන පොලිසියේ පිහිට පැතුවේ. තමන් සතු බලයෙන් රන් අභරණ ආපහු ලබාගන්න තිබුනනේ. වැඩෙත් ඉවරයි පොලිසියේ උසාවියේ කාලෙත් ඉතුරුයි, රටේ ජනතාවගේ මුදලුත් ඉතුරුයි. අනික දෙවියන් බලාපොරෝතුවෙන්නේ හා දෙවියන්ට ලබාගත් හැක්කේ අපි කරන පින් පමණක්ම බව පොත පතෙහි සඳහන් බවට සිහියේ තබාගන්න.
CCTV දෙවියෝ..... කාලි අම්මගේ බලය කෝ?මේ මෝඩ මිනිස්සුම දෙයියෝ ඉන්නවා කියලා කට කතා යවලා නැති දෙවියෙක් ව ප්‍රමෝට් කරලා තමන්ගෙ වස්තුව හොරුන්ට පූජා කරනවා. උදාහරණයක් - ස්විප් එකක් හෝ වටිනා දෙයක් හම්බවුනා ම මිනිස්සු දෙයියෝ දුන්නා කියන්නේ. නමුත් නාය ගියහම ඇක්සිඩන්ට් එකක් වගේ කරදර වුනහම ඒක දෙවියො කලා කියන්නෙ නෑ. මේ මෝඩ මිනිස්සුන්ගෙ හිත්. මෝඩයන්ගෙ කට කතා. ඔච්චර දේවාල වල පල්ලි වල දෙවියො ඉන්නවානම් බෝම්බ ගහාවිද? ගාල්තැන්නෙ කපුවා වගේ අය ප්‍රකෝටිපතියො වෙන්නෙ ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නකම්. මේ වගේ දේවාල කොච්චර නම් ලංකාවේ තියනවද. කේන්දර, ගුරුකම්, දෙවියො, වෙලාවල්, යන්තර මන්තර නෙවේ ආගම වත් ඕනිවට වඩා ඔලුවෙ තියාගන්න ඕනි නෑ. ලංකාවේ කේන්දර,අනාවැකි,ජෝතිශය,දේවාල,ගුරුකම්, වෙලාව බැලීම නීතියෙන් තහනම් කල යුතුයි. ලංකාවට පල නොදෙන්නෙ මේ ගොඩේ විශ්වාස නිසයි. සුද්දෝ ප්ලූටෝත් පහුකරගෙන ගිහින්. අපි කේන්දර බල බල දෙවියෝ පස්සේ. සුද්දෝ හඳට ගියේ, අඟහරු ට යානා යැවුවේ වෙලාව බලලද? මෙහෙව් කාලලණ්නි ජාතියක්. අවුලක් නෑ ලෝකෙ තියන උතුම්ම රට උතුම්ම ජාතිය අපි කියලා උදේට කියන බයිලා අහගෙන ඉමු.