(ඉන්දිකා රාමනායක)
හෙරොයින් නඩුවකට අදාළ කරුණු දැක්වීමට අධිකරණය හමුවට ඉදිරිපත් නොවීමේ සිද්ධියකට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය.
එම විවෘත වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙසට මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද නියෝග කළේය.
හෙරොයිව් කිලෝ 36 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනකු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබියදී පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.