IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


දිවියෝ දෙදෙනෙක් එකම තැන මදුවලට අසුවෙති


(ශාන්ත චන්ද්‍රසිරි)
 
කොත්මලේ, හෙල්බොඩ වතුයායේ එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි දිවියන් දෙදෙනෙකු අද (23) සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති.
 
මදුවලට හසුව සිටි මෙම දිවියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නා විටත් මිය ගොස් සිටි බවත්, අනෙක් දිවියා තුවාල ලබා ඇති බවත්  ඔවුහු කියති.
 
මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් දිවියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ  කර තිබේ.
 
දඩයක්කරුවන් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම දිවියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
 
උඩරට වතුකරය ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දිවියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙකුද වු බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

පින්තූර - හෙල්බොඩ වතුයායේ මදුවට හසුව මිය ගොස් සිටි කොටියා



අදහස් (14)

දිවියෝ දෙදෙනෙක් එකම තැන මදුවලට අසුවෙති

Jay Tuesday, 23 June 2020 08:58 AM

මේක දැන් පුරුද්දක් වෙලා. මේ මදු අටවන නොමිනිසුන් හොයලා දඬුවම් ලබාදෙන්න ක්‍රමයක් තාම හැදුවෙ නැත්තේ ඇයි? ඔක්කොම කොටි මැරිලා යනකන් බලන් ඉන්නවද? මේ තත්වයට එරෙහිව සමාජ ජාලා රැල්ලක් හරි ක්‍රියාත්මක කලේ නැත්නම් වගකිව යුත්තන් පුරුදු පරිදි නිදාගෙන සිටීවි. හරිම දුකයි ලංකාවේ වනජීවි අංශය සමග දේශපාලනය ක්‍රියාත්මක වෙන හැටි දැක්කාම. මේ සතුන් ලංකාවේ නැතුව වෙන රටක ඉපදුණා නම් හොඳට රැකගන්න පුළුවන්...

:       0       82

විජිත් Tuesday, 23 June 2020 09:25 AM

jay මට හිතෙන්නේ "කාට හරි" ලොකු වැරදීමක් වෙලා.. වෙන රටක ඉපදෙන්න හිටපු මේ අහිංසකයින්ගේ files එහාට මෙහාට වෙලා අවාසනාවට මේ රටේ ඉපදිලා. දුක්විඳලා, විඳලා, මැරිලා යනවා. කියාගන්න බැරි ලොකුම ලොකු වේදනාවක් පමණක් අපේ මතකයේ හැමදාටම ඉතිරි කරලා.. ඒගොල්ලෝ යන්නම යනවා. ඈතම ඈත. තියෙනවා කියන නපුරන්ගෙන් තොර සොඳුරු.. ලස්සන ලෝකයට..

:       0       77

පූජාTuesday, 23 June 2020 09:50 AM

Jay, විජිත්, සමිත තව වන සතුන්ට ආදරය කරන සංවේදී මිනිසුනේ.. මම මෙතනදී අසරණයි. ඔයාලට පුලුවන් යමක් කරන්න. තවත් බලා හිටියා ඇති.. අපි මෙතන කමෙන්ට් කළා කියලා වෙන දෙයක් නැහැ.

:       0       77

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 June 2020 10:12 AM

Jay, විජිත්, පූජා ඇතුළු පරිසර මිතුරනේ... අපගේ පූජා මිතුරිය කීවාක් මෙන්, තවත් බලාසිට බැහැ.. කුමක් හෝ කළයුතුව පවතියි. නැතහොත් අප මියගිය දිනෙක ඉදිරි අපේ පරම්පරාවන්ට වන සතෙකු දැකගැනීම නොහැකි වේවි. පූජා... ඔයා අසරණ නැහැ .. ඔයා වගේ සත්ව කරුණාව තියෙන අයව දෙවියන් රකිනවා ඒකාන්තයි ... !!!

:       0       78

RaveendraWednesday, 24 June 2020 05:02 AM

ඔබගේ වටිනා අදහස් ඇත්තෙන්ම අප අගයන්නෙමු. පරිසරයේ වටිනාකම් නොදත් කකුල් දෙකේ ගවයින් ඉහළ පුටුවල සිටීම සහ ඒ හා සමාන පරිසරයක් වටපිටින් ඇතිවීම කණගාටුවකි.

:       0       77

විජිත් Tuesday, 23 June 2020 09:11 AM

අද දවසට ඇසුව අවාසනාවන්තම කඳුළු කතාව... රටේ මිනිස්සු උමතුවෙන් වගේ මොනවද මේ කරන්නේ..? මේ සතෙකුගේ වටිනාකම මේ කාලකන්නි මාරයින්. මනින්නේ ඒ අහිංසකයාගේ හමට, දත්වලට, හිසට ලැබෙන ලන්සුවක් විදිහටයි. රුපියල්, ශත වලින්... මේ මෝඩයින්ට හිතන්න බුද්ධියක් නැත්තේම නැතිද..? නැතිනම් දුප්පත්කම, දරිද්‍රතාවය හමුවේ "සිතීම" නැවතිලාද.? කියන්න දහසක් දේවල් තිබුණත් මේ අපරාධය ඇසූ පසු මගේ ගෙල දෙපස ලොකු තදවිමක් ඇතිවෙලා... පසුව හමුවෙමු. තව දෙයක්... රට පාලනය කරන ඉහළම ආයතනයේ සිටින සියලුම මෝඩයින් උමතුවී සිටින මේ රටේ සාමාන්‍ය මිනිසුන් උමතුවීම පුදුමයකුත් නොවෙයි නේද..?

:       0       97

AnuraTuesday, 23 June 2020 10:45 AM

මේක දිවියන් මරන්න අටවපු උගුල් නෙමෙයි මන් හිතන්නේ.., ඌරන්, මුවන් මරන්න අටවපු උගුල් වෙන්න ඇති.., අපේ මේ රක්ෂිත වනාන්තර ආශ්‍රිත ජීවත්වන ගම්මානවල ඉන්න ඔක්කොම වගේ කරන්නේ කැලේ සත්තු දඩයම් කරලා එ්කෙන් ජීවත්වෙන එක තමයි..

:       0       44

පූජා Tuesday, 23 June 2020 09:13 AM

කුමන ජාතික වනෝද්‍යානය ගැන ආටිකල් එක බලලා සතුටෙන් හටපු මට මේ පුවත දැකීමෙන් මගේ හදවතට දැනුණු වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. ඇයි පව්කාර මිනිසුනේ නුඹලාට කරන්න වෙන වැඩක් නැද්ද? පසුගිය දිනවල මේ වාගේ අතිශය සංවේදී සිදුවීම් වලට අප මෙහි මොනතරම් කමෙන්ට් කළාද? අපේ මේ මෝඩ මිනිසුන් කවදාකවත් හැදෙන මිනිසුන් නම් නොවෙයි. තවත් ලියන්න බැහැ ඉතිරි ටික විජිත් ඔයාට බාරයි...

:       0       103

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 June 2020 10:01 AM

පූජා, ඔයා, මම, විජිත් ඇතුළු සංවේදී පරිසර මිතුරන්ට මෙය දැරීමට අපහසු වේදනාත්මක පුවතක්... ඒත්, මොනවා කරන්නද?.. ඒක ලස්සන සතෙකු අප හැර ගොසින්.. අනිකා ජීවිතයත්, මරණයත් අතර සටනේ... එයාට... දෙවියන්ගේ පිහිටෙන් ජීවිතය ලැබී සුවපත් වේවා..!!! කියා අප සැම සුබ ප්‍රාර්ථනා කරමු. එසේම මේ මස් වැද්දන්ගෙන් මේ වනසතුන් බේරාගැනීමට බලධාරීන් නින්දෙන් අවදි වේවා!!! කියාත් පතමු..

:       0       62

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 09:45 AM

අනේ !!! දෙවියනේ... මොනවද අපට මේ නිතර දෙවේලේ අසන්නට, දකින්නට ලැබෙන්නේ..? තවත් එක් පරිසර මිතුරෙකු නොඑන්නම අප හැරදා ගොසින්.. අනිත් කෙනා ජීවිතයත්, මරණයත් අතර සටනක... මෙහෙමත් නූගත් තිරිසන් මිනිස් වෙස්ගත් රකුසන් සිටින රටක්.. මේ වනජීවි ඒක සැමදාම කලේ අසුවුණු සතුන් සොයාගත් එක තමයි... එසේත් නැතිනම් කැකුලකට වෙඩිල්ලක් තියන්න. තුවක්කු දීලා තියෙන්නේ දමා ගහන්න නොවෙයි. අවශ්‍ය විටෙකදී පාවිච්චි කරන්න. මේ වනජීවි එක හිටියත් මේ සතුන් මරණ එකේ ඔවුන්ට පඩි ගෙවීමෙන් ඵලක් නැහැ නේද?.. මේ ප්‍රශ්නය බන්ධනාගාර ප්‍රශ්නය වගේ විසඳන්න වෙයි වගේ... බලධාරි පුටු වෙනස් කොට වනසතුන් රැකගැනීමට කාලය එළඹ ඇත. මෙසේ දිගට ගියහොත් රටේ සිටින අන්තිම සතාත් වතුකරයේ මස් වැද්දන් විසින් මරාදමන තෙක්ම වනජීවී අංශ දැඩි නින්දේය. ඔවුන් පැමිණෙන සතුන් මියගිය විටයි. එසේත් නැතහොත්, පුදුවල හිරවී මරණාසන්න මොහොතේදීය. අපූරු වනජීවී එකක් තමයි මේ රටේත්, සතුන්ගේත් වාසනාවට තියෙන්නේ... අම්මපා කියලා වැඩක් නෑ...

:       0       144

Akila Tuesday, 23 June 2020 10:42 AM

වනජීවී ඇමතිට ගෙදර යන්න කියන්න. දිවියා කියන්නේ අපේ රටේ ඉන්න වටිනාම සතා.., එහෙම සතෙක්වත් බේරගන්න කිසිම දෙයක් කරන්නේ නැතිව බකන් නිලාගෙන ජනතාවගේ බදු මුදල් නාස්තිකරන ඇමති කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද?

:       0       208

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 10:50 AM

වයිරම් කොටි රජුගේ දිවියද උදුරගෙන... අනෙක් සතාගේ දිවි ගෙන මරණෙ දෙන... උගුල් මව මවා සිටිනා අමන දන... නිරයට යන්නේය නුෂඹ සැම නොමැත පින ...

:       0       77

sam Tuesday, 23 June 2020 12:12 PM

මේවා කරන්නේ වතුකරයේ කට්ටියයි.. ඒක තේරෙන්නේ නැද්ද?

:       1       15

chandraTuesday, 23 June 2020 12:57 PM

වතුකරයේ විතරක් නොවෙයි හැමතැනම මේ නරුමයෝ පැතිරිලා, මම වනජිවිඑකේ වැඩනම්, ඔයවගේ අය දැක්කගමන් ඔලුවටම තියනවා.

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 664 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 847 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 366 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site