දිවයින පුරා අද (8) සහ හෙට (9) වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විවිධ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කරයි. බස්නාහිර, උතුරුමැද, දකුණ, ඌව පළාත්වල විවිධ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සාමාන්‍යයෙන් උතුරු මැද පළාතේ මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක තරමක තද වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පුර්වාරක්ෂාවකට යොමුවන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(28535)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.