බිඟුන් මේනක ගමගේ
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකර ඇතැයි ද ඔහු කීය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර තිබූ නමුත් එය පිහිටුවීම පමා වූයේ එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටු වන ස්ථානය පිළිබඳ ප්‍රශ්න මතු වූ නිසාය.
අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.
දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.
COMMENTS
මොකටද සල්ලි නාස්ති කරන්නේ මේවාගෙන් කෙරෙන වැඩේ මොකක්ද?
"විශේෂ මහාධිකරණ" කියලා කීවට ඇති විශේෂත්වයක් පෙනෙන්නේ නැහැනේ. මේවගේ දැන් නඩු දෙකක්ම ඇහෙනවා නේද? ඒවා ඇහෙනවාට වැඩිය ඇහෙන එක කල් යන හැටි තමයි පෙනෙන්න තියෙන්නේ. හොරු අල්ලන්නවා කියලා බලයට ඇවිත් දැන් අවුරුදු හතරක් පොල්ගගා ඉඳල දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා ඇන කොටා ගන්න පටන් ගත්තා හැරෙන්න පොරොන්දු වුන දෙයක් කරන්න පුළුවන් කමක් තියෙන බවක් නම් පෙන්නුම් කලේ නැහැ. තව මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ?
මේක මේ ආණ්ඩුවේ තවත් සංදර්ශනයක්. මේ ආණ්ඩුව බලයට ඇවිත් දැන් අවුරුදු හතරටත් වැඩියි. මේ පනත සම්මත කරලා දැන් අවුරුද්දකටත් වැඩියි. පළමු විශේෂ මහාධිකරණය පිහිටවූයේ පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා. එ්කත් දැනට මාස 6ක් ගතවෙනවා. එක් නඩු තීන්දුවක් හෝ එකකට හෝ දඬුවම් දීලත් නැහැ. හැබැයි මේ පනත සම්මත කරනකොට නම්, මේ ආණ්ඩුවේ ඇමතිලා මහා ලොකුවට කිව්වා මාසයක් තුළ නඩු අහලා දඬුවමුත් දෙනවයි කියලා. ඒ නිසා මේ දෙවැනි මහාධිකරණයත් විහිළුවක්...
ඇයි ත්‍රී වීල් යන හැටි පේන්න නැද්ද? ඔබ ත්‍රී වීල් කාරයෙක් නේද?
දැන කොහොමද නඩු දාන්නේ? මගුල් ගෙදර ගිහිල්ලා කේක් කීවට පස්සේ...
මේවා ආවා කියලා වැඩක් නැහැ.. මේවායෙන් කාටවත්ම දඬුවම් කරන්නේ නැහැ.. එන්න එන්නම රටේ අපරාධ වැඩිවෙනවා.. පොඩි මිනිහට එක නීතියකුයි, ලොකු කෙනාට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන රටකට මොන අධිකරණද?
මම හිතන්නේ හොරෙන් අඹ කඩන අය හිරේට අරින්ට වෙන්නැති .
මේවා මහ බොරු වැඩ. අධිකරණ ගොඩක් ඇතේ,ඒත් එක හොරෙක්වත් ඇතුලේ නැත.
කවද්ද රනිල්, මහේන්ද්‍රන් ඇලෝසියස් එම්පිලා මේ උසාවියට යන්නේ?