IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වූ බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිසන් සභාව අද (24) තහනම් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ බව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් අද සවස දුරකතන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ යැයි නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පවත්වන දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය.

සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ එම ආන්දෝලනාත්මක දුරකතන සංවාදය හේතුවෙන් මෙම පියවරයන් ගනු ලැබීය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ විනය පරික්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් පසුගිය 23 පස්වරුවේ ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව  දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කරන ලදී.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ මෙම ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බවත් එහි ඇති හඬ තමාගේ බවත් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් නීතීපතිවරයා හමුවේ පිළිගෙන ඇති අතර නීතීපතිවරයා ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂමට දැනුම් දී ඇති අතර වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කරන ලද පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී සඳහන් කළාය.

එමෙන්ම සුදුසුකම් ලත් නිලධාරියකු යොදවා සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය  සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණයක් සිදුකරන ලෙසද නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.

නීතීපතිවරයාගෙන් පසු නීතීපති දෙපාර්තමෙන්තුවේ සිටි ඉහළම තනතුර දැරූ නිලධාරිණිය වුයේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය බවත් ඒ හේතූවෙන් ඇය සම්බන්ධයෙන් වෙනත් කණිෂ්ඨ නිලධාරියකු ලවා පරීක්‍ෂණයක් සිදුකළ නොහැකි වීමත් ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් සිදු කරනවානම් එය කළ යුත්තේ නීතීපතිවරයාම වීමත් සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයාගේ රාජකාරී අධික වීම හේතු කරගෙන වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය පැවැත්වීම රාජ්‍ය සේවා කොමිසමට පවරන ලදී.

ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා කළ ඉල්ලීම පිළිගත් රාජ්‍ය සේවා කොමිසන් සභාව ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර ඇගේ වැඩ තහනම් කර ඇති අතර ඒ බව දුරකථන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇත.

 

 

 

 

 



අදහස් (4)

දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කරයි

මිගෙල් Tuesday, 24 September 2019 02:33 PM

කෙලවෙගන එද්දී රට පනීද දන්නේ නැහැ.

:       0       0

Ariyathilaka Wednesday, 25 September 2019 05:23 AM

විලි බිය සිඳුනු රජ මැති ඇමති පොදි බැඳී..... සට කම බොරුව ඇත බැස පාලනයේ රැදී.... මහජන බදු පතින් නිල බල සුවය විඳී..... සුදු කරපටි සොරුන් යුක්තියේ සවිය බිඳී....

:       0       12

Ksc Wednesday, 25 September 2019 01:38 PM

දේශපාලකයෝ පම්පෝරි ගහපු ස්වාධීන කොමිෂන් සභාවල කෙරුවාව කෝ?

:       28       0

lalithm Thursday, 26 September 2019 02:52 AM

කට පරිස්සම් කරගන්න බැරිකම. මොන තරම් ලොක්කියෙක් වුනත් ගමේ ලිඳ ළඟ කතා වෙන විදියට හැසිරිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත


අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?
2025 මාර්තු මස 20 1086 0

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු


පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක්
2025 මාර්තු මස 20 113 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 1317 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 1340 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 419 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 990 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 342 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site