(මනෝප‍්‍රිය ගුණසේකර)
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වූ බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිසන් සභාව අද (24) තහනම් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ බව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් අද සවස දුරකතන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ යැයි නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.
රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පවත්වන දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය.
සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ එම ආන්දෝලනාත්මක දුරකතන සංවාදය හේතුවෙන් මෙම පියවරයන් ගනු ලැබීය.
සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ විනය පරික්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් පසුගිය 23 පස්වරුවේ ඉල්ලීමක් කළ අතර ඉන් අනතුරුව දිල්රුක්‍ෂි ඩයස් වික්රමසිංහ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කරන ලදී.
සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ මෙම ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වු බවත් එහි ඇති හඬ තමාගේ බවත් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් නීතීපතිවරයා හමුවේ පිළිගෙන ඇති අතර නීතීපතිවරයා ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂමට දැනුම් දී ඇති අතර වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කරන ලද පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මීට පෙර අවස්ථාවකදී සඳහන් කළාය.
එමෙන්ම සුදුසුකම් ලත් නිලධාරියකු යොදවා සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණයක් සිදුකරන ලෙසද නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.
නීතීපතිවරයාගෙන් පසු නීතීපති දෙපාර්තමෙන්තුවේ සිටි ඉහළම තනතුර දැරූ නිලධාරිණිය වුයේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය බවත් ඒ හේතූවෙන් ඇය සම්බන්ධයෙන් වෙනත් කණිෂ්ඨ නිලධාරියකු ලවා පරීක්‍ෂණයක් සිදුකළ නොහැකි වීමත් ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් සිදු කරනවානම් එය කළ යුත්තේ නීතීපතිවරයාම වීමත් සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයාගේ රාජකාරී අධික වීම හේතු කරගෙන වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය පැවැත්වීම රාජ්‍ය සේවා කොමිසමට පවරන ලදී.
ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා කළ ඉල්ලීම පිළිගත් රාජ්‍ය සේවා කොමිසන් සභාව ඇය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර ඇගේ වැඩ තහනම් කර ඇති අතර ඒ බව දුරකථන මාර්ගයෙන් නීතීපති දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇත.
ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අන
ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා
මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහ
බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන
බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කරයි
මිගෙල් Tuesday, 24 September 2019 02:33 PM
කෙලවෙගන එද්දී රට පනීද දන්නේ නැහැ.
Ariyathilaka Wednesday, 25 September 2019 05:23 AM
විලි බිය සිඳුනු රජ මැති ඇමති පොදි බැඳී..... සට කම බොරුව ඇත බැස පාලනයේ රැදී.... මහජන බදු පතින් නිල බල සුවය විඳී..... සුදු කරපටි සොරුන් යුක්තියේ සවිය බිඳී....
Ksc Wednesday, 25 September 2019 01:38 PM
දේශපාලකයෝ පම්පෝරි ගහපු ස්වාධීන කොමිෂන් සභාවල කෙරුවාව කෝ?
lalithm Thursday, 26 September 2019 02:52 AM
කට පරිස්සම් කරගන්න බැරිකම. මොන තරම් ලොක්කියෙක් වුනත් ගමේ ලිඳ ළඟ කතා වෙන විදියට හැසිරිලා.