IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්

(කාංචන කුමාර ආරියදාස)

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ  28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා අද (16) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ දඹුල්ල  යාපාගම  කරබයාය ප්‍රදේශයේ පදිංචි කේ.ජී.මදුෂා ලක්මාලි නැමැති දෙදරු මවකි.

වස  ශරීරගත වීම හේතුවෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ වයස මාස 11 ක දරුවා දැඩි අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. වස ශරීර ගතවීමෙන් තුන් හැවිරිදි දියණිය සහ මව මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.

ප්‍රේම සම්බන්ධයක් නිසා අඹුසැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම මව දරු දෙදෙනා සමඟ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයට ගොස් ඇත. දරුවන් දෙදෙනාට වස පොවා මෙම මව ද වස පානය කර ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් විසින් මෙම මව සහ දරුවන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල යාපාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචියට මෙම පිරිස පැමිණි  පවුලක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම පියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රියදුරෙකු බවද පොලිසිය කියයි.

කාලයක  සිට පැවැති ආරවුලක් දුරදිග ගොස් මෙම මව වයස අවුරුදු එක පුතාට සහ වයස අවුරුදු තුනක දියණියට වස පොවා ඇති බව ද සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව  සැකකාර මව ‍ ප්‍රතිකාර ලබන රෝහලට  ගොස්  වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා  සිද්ධිය පිළිබඳව සොයා බලා ඉහත නියෝගය නිකුත් කළේය.



අදහස් (1)

දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්

සඳුන් Tuesday, 16 February 2021 07:38 AM

වෛද්‍යවරයා, පොලිසිය හා මහේස්ත්‍රාත්තුමා රාජකකාරිය අකුරටම කර ඇත. නමුත් සුද්දාගෙන් ලබාගත් නිදහස අභිමානයෙන් සැමරූ අප මුලාවක වැටීසිටිනා බව මේවාවලින් පෙනීයන හැටි පාට කණ්ණාඩි ගලවා අවබෝධ කරගන්න.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 174 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site