
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ගරායක්ගම ප්‍රදේශයේදී ලොරි රථයක ගැටුණු වඩු කාර්මිකයකු මරණයට පත්වී ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ආණමඩුව ගරායක්ගම පදිංචි 59 හැවිරිදි ගුනරත්න බණ්ඩා නැමති තිදරු පියකු බව කියයි.
වඩු කාර්මිකයා සිය වඩුමඩුවේ සකසන ලද දොරක් ඉදිරිපිට නිවසක සවි කිරීමට තනිවම දොර කර තබා පාර මාරු වෙමින් තිබියදී, අධික වේගයෙන් පැමිණි ලොරි රථයේ ගැටී අනතුරට ලක්වී තිබු බව පොලිසිය කියයි. අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ඔහු ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්වී සිටි බව රෝහල් බලධාරීහු කියති.
අනතුරට සම්බන්ධ ගඩෝල් ලොරි රථය ආඩිගම සිට ආණමඩුවට ගඩොල් රැගෙන යාමට එමින් තිබී ඇත.
ආණමඩුව පොලිසිය විසින් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
COMMENTS
ලොරි කාරයා වැරදි ඇති. ඒත් යම්යම් දේවල් කරතබා ප්‍රසිද්ධ මාර්ගවල යනඅය අනිත් අය ගැන සැලකිල්ලක් නැහැ. වරක් දිග බංකුවක් කර තබාගෙන යන්නෙක් යාරයක් පමණ ඉදිරියේදි කර මාරු කලා වටයක් කරකවමින්, යන්තමින් බේරුනේ. ඒ වගේම රටේ දුවන යතුරුපැදි, ස්කූටර්වල 80%ක් පමණ රාත්‍රී කාලයේ දැල්වෙන රතු ලාම්පු අක්‍රීයයි. තමන්ම අනතුරේ හෙලීමක්..
ඔය කාටුන් එකේම පේනවනේ, දොරක් අරන් යනකොට එක පැත්තක් පෙනෙන්නේ නැහැ. දොර බරෙන් අධිකනම් අනිත් පැත්තත් බලාගන්න අමාරුයි, වඩු කාර්මිකයා තමන්ගේ මෝඩකමට වන්දි ගෙව්වේ ජීවිතෙන්, ඔහොම මෝඩ විදිහට පාර පනින උදවිය මම අනන්තවත් දැකලා තියෙනවා. මේකෙන් මම කියන්නේ නැහැ ලොරි රියදුරු හරි කියලා. නමුත් පාර පනිනකොට පදිකයාගේත් විශාල වගකීමක් තියෙනවා.
ස.ජ.බ. පාක්ෂිකයින්ට දැන් පාරේ යන්නවත් හරිහමන් සිහියක් නැහැ වගේ...